ඔබදියාගේ දර්ශනය ය; පරමාධිපති ස්වාමින්වහන්සේ ඒදොම් සම්බන්ධ ව මෙසේ පවසන සේක. ස්වාමින්වහන්සේ වෙතින් පණිවුඩයක් අපි අසා ඇත්තෙමු: “නැගිටින්න! අපි ඇයට එරෙහිව සටනට යමු” යි පවසන දූතයකු ජාතීන් වෙත යවනු ලැබී ය. මෙන්න, මම ජාතීන් අතරේ ඔබ කුඩා කරන්නෙමි. ඔබ සහමුලින් ම අවමානයට පත් කෙරෙනු ඇත. ඔබේ හදේ උඩඟුකම ඔබ මුළාකොට ඇත; පර්වත විවරවල ජීවත් වන උස් තැන් තම වාස භවන කර ගන්න ඔබ, “මා බිමට ගෙනෙන්නේ කවුරු දැ?” යි ඔබේ හද තුළ කීයෙහි ය. “ඔබ රාජාලියා සේ ඉහළ නැගුනත්, තාරකා අතරේ ඔබේ කැදැල්ල තැනුවත්, එතැනින් මම ඔබ පහළට ගෙනෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “සොරු ඔබ වෙත ආවෝ නම්! රාත්‍රියේ මංකොල්ලකරුවෝ ආවෝ නම්! අහෝ ඔබට සිදු වන්නට යන නාස්තියක මහත! ඔවුන් ඔබෙන් සොරා ගන්නේ, තමනට අවැසි තරම් පමණක් නො වේ ද? මිදි පල නෙළන්නෝ ඔබ වෙත පැමිණියෝ නම්, ඔවුහු මිදි ස්වල්පයක් හෝ ඉතිරි නො කරත් ද? අහෝ ඒසව් කොල්ලකනු ලැබ, ඔහුගේ ධන සම්පත් සොයා ගන්නා ලද හැටි! ඔබේ සියලු මිතුරු සේනාවෝ, දේශ සීමාව තෙක් පන්නා දැමිණ. ඔබ සමඟ සාමයෙන් සිටියෝ ඔබ රැවටූහ. ඔවුන් ඔබට එරෙහිව ජය පැන් බොති. ඔබේ ම රොටි බුදින්නෝ ඔබට උගුලක් අටවති. එහෙත් ඔබට දැනුමක් නැත. “ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: ‘ඒ දවසේදී මම ඒදොම්හි ප්‍රඥාවතුන් ද ඒසව්ගේ කඳුවලින් අවබෝධය ද වනසා නො දමන්නෙම් ද? අහෝ තේමාන්, ඔබේ රණශූරයෝ ත්‍රාසයට පත් කරනු ලබති; ඒසව්ගේ කඳුවල වෙසෙන සියල්ලෝ මැරුම් කනු ලබති. ඔබේ සහෝදර යාකොබ්ට එරෙහිව කළ බලාත්කාරය නිසා, ලජ්ජාව ඔබ වසා ගනු ඇත; සදහට ම ඔබ කපා දැමේ. ඔබ පසෙකට වී සිටි එදවසේ, විදෙස්සන් ඔහුගේ සම්පත් රැගෙන ගිය දවසේ විජාතිකයින් ඔහුගේ දොරටුවලින් ඇතුල් ව, යෙරුසලම උදෙසා පස ඇට දැමූ දවසේ, ඔබත් සිටියේ ඔවුන්ගෙන් එකකු මෙනි. ඔබ, ඔබේ සහෝදරයාගේ විපත්ති දවසේ, ඔබ උදාරම් නො විය යුතු ය. ඔවුන්ගේ විපත්තියේ දවසේ යූදා ජනයා ගැන ප්‍රීති නො වන්න. කැළඹීමේ දවසේ, පුරසාරම් නො දොඩන්න. මගේ ජනයාගේ ව්‍යසන දවසේ ඔවුන්ගේ දොරටු තුළින් ඇතුළු නො වන්න. ඔවුන්ගේ ව්‍යසන දවසේ ඔවුන්ගේ විපත් මැද ඔබ උදාරම් නො වන්න. ඔවුන්ගේ ව්‍යසන දවසේ ඔවුන්ගේ සම්පත් කොල්ලකෑම නො කළ යුතු ය. ඔවුන්ගේ පලා යන්නන් ගසා හෙළන්නට මංසන්ධි අසල ඔබ රැක නො සිටින්න. ඔවුන්ගෙන් ජීවත් ව ඉතිරි ව සිටින්නන් ඔවුන්ගේ කරදර දවසේදී අල්ලා නො දෙන්න; “ ‘මන්ද සියලු ජාතීන්ට ස්වාමින්වහන්සේගේ දවස ළං ළං ව පැමිණේ. ඔබ කළ සේ ම ඔබටත් කරනු ලැබේ. ඔබේ ක්‍රියා ඔබේ ම හිස පිටට ම ආපසු එනු ඇත. මගේ ශුද්ධ කන්දේදී ඔබ බී දැමූ ලෙස සියලු ජාතීන් ද නො නැවතී බොනු ඇත. ඔවුන් එය බී, ගිල දමා කිසි දිනක නො සිටියවුන් මෙන් වනු ඇත. එහෙත් ගැලවී පලා යන්නන් සියොන් කඳු මත සිටිනු ඇත. එය පාරිශුද්ධ තැනක් වනු ඇත. යාකොබ් වංශය ඔවුන්ගේ සම්පත් හිමි කර ගනු ඇත. යාකොබ් වංශය ගින්නක් ද යෝසෙප් වංශය ගිනි දැල්ලක් ද වනු ඇත. ඒසව් වංශය ඉපනැල්ලක් බඳු වී ඔවුන් විසින් ගිනි ලා දවා දමනු ලබන්නේ ය. දිවි ගලවා ගන්නා කිසිවකුත් ඒසව් වංශයේ නො වනු ඇතැ’ ” යි ස්වාමින්වහන්සේ පවසා ඇත. නෙගෙබ්හි ජනයා ඒසව්ගේ කඳු ද කඳු පාමුල බටහිර කඳු බෑවුම්හි ජනයා පිලිස්තීන්ගේ දේශය ද හිමි කර ගනු ඇත. ඔවුන් එප්‍රායිම්හි හා සමාරියෙහි ඉඩම් හිමි කර ගනු ඇත. බෙන්යමින් ජනයා ගිලියාද් දේශය, හිමි කර ගනු ඇත. කානාන්හි සිටින ඉශ්‍රායෙල් පිටුවහලුන් සමූහයා සාරෙෆත් දක්වා දේශය හිමි කර ගනු ඇත. යෙරුසලමෙන් පිටුවහල් ව සෙෆාරද්හි සිටින්නන් නෙගෙබ් පුරවර හිමි කර ගනු ඇත. ඒසව්ගේ කඳු ආණ්ඩු කරන්නට මිදුම්කරුවන් සියොන් කඳු මතට නැගෙනු ඇත. රාජ්‍යය ද ස්වාමින්වහන්සේගේ වනු ඇත.
ඔබදියා 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ඔබදියා 1:1-21
3 Days
This devotion taken from Book of Obadiah will equip you with biblical truths and guide you to practice it daily as you continue your walk of faith in Christ.
Obadiah presents prophetic truth regarding the destruction of Edom, a prideful nation descended from Esau. Edom’s pride and animosity towards Israel ultimately resulted in a violent war. Obadiah ends his book declaring, “the kingdom shall be the LORD’s,” pointing toward God’s plan to defeat all His enemies and establish His rule and reign forever.
4 Days
This 4-day plan will walk you through the book of Obadiah by reading a short passage each day. Each day is accompanied by a short video that explains what’s happening in the text. You'll also learn how each part of the story points to Jesus and how those who believe in him must humble themselves and admit their pride.
12 Days
They’re called the "minor prophets," but they contain major power. In this reading plan, you’ll spend twelve days with portions of these twelve powerful books to discover power in the small things and hope in the midst of despair."
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ