ගණන් 7:11-18

ගණන් 7:11-18 SCV

මන්ද, “එක් එක් දවසට එක් එක් නායකයා තම තමාගේ පඬුරු පූජාසනය කැප කිරීම උදෙසා ගෙන ආ යුතු යැ” යි ස්වාමින්වහන්සේ මෝසෙස්ට පවසා තිබූ හෙයිනි. මුල් දවසේ තම පඬුර ගෙන ආවේ යූදා ගෝත්‍ර වංශයේ අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් ය. ඔහුගේ පඬුර වූයේ, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව, ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද පාප පූජාවක් සඳහා එළුවකු ද ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ. අම්මිනාදාබ්ගේ පුත් නාෂොන්ගේ පඬුර වූයේ එයයි. දෙවන දවසේ සූවාර්ගේ පුත් ඉස්සාකර් නායක නෙතනේල් තම පඬුර ගෙනාවේ ය.

ගණන් 7 කියවන්න

ගණන් 7:11-18 සඳහා වීඩියෝව

ගණන් 7:11-18 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය