ගණන් 4
4
කොහාත් පෙළපත් සේවා
1 ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් ඇමතූ සේක්, 2“ලෙවී පුත්‍රයින් අතරින් කොහාත් පුත්‍රයින් ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව සංගණනයක් ගන්න. 3හමුවීමේ කූඩාරමේ කාර්යයන් සඳහා සේවයට පිවිසෙන තිස්වන වියේ සිට පනස් වන විය දක්වා වූ සියලු පිරිමින් ගණන් කරන්න.
4“හමුවීමේ කූඩාරමේ කොහාත් පුත්‍රයන්ගේ කාර්ය භාරය වන්නේ, අතිශුද්ධ දෑහි භාරකාරත්වයයි. 5කඳවුර ඉදිරියට යා යුතු වූ කල, ආරොන් ද ඔහුගේ පුතුන් ද කූඩාරම තුළට ගොස්, එහි වැසුම් තිරය ගලවා, එයින් සාක්ෂි කරඬුව වැසිය යුතු ය. 6ඉන්පසු තහෂ්#4:6 නිශ්චිත ව නම් කළ නො හැකි සත්වයෙකි. ඩූගොං හෝ ඩොල්ෆින් හෝ විය හැක. හමින් එය වසා, ගන නිල් රෙද්දක් ඒ මත අතුරා, එය උසුලාගෙන යන පොලු සවි කළ යුතු ය.
7“ඉන්පසු ඔවුන් දේවාභිමුඛ රොටි මේසය මත නිල් රෙද්දක් අතුරා, ඒ මත පිඟන්, දීසි හා පාත්‍ර ද පාන පූජාවේ කෙණ්ඩි ද තැබිය යුතු ය. නිරන්තර ව ඒ මත තිබිය යුතු රොටි ද ඒ මත තැබිය යුතු ය. 8ඔවුන් ඒවා මත තද රතු රෙද්දක් අතුරා, ඉන්පසු තහෂ් හමින් එය වසා, මේසය උසුලාගෙන යන පොලු සවි කළ යුතු ය.
9“ඉන්පසු ඔවුන් නිල් රෙද්දක් ගෙන, එළිය පිණිස වූ පහන් රුක සමඟ එහි පහන් ද පහන් තිර මට්ටම් කතුරු හා තැටි ද පහන් දැල්වීමට ගන්නා තෙල් බඳුන් සියල්ල ද එම රෙද්දෙන් වැසිය යුතු ය. 10ඉන්පසු පහන් රුක හා එහි සියලු උපාංග ද තහෂ් හම් වැස්මක ඔතා, ඒවා උසුලාගෙන යන මැස්සේ තැබිය යුතු ය.
11“රන් පූජාසනය මත ඔවුන්, නිල් රෙද්දක් අතුරා, තහෂ් හමින් එය වසා, එය උසුලාගෙන යන පොලු සවි කළ යුතු ය.
12“ඔවුන් ශුද්ධස්ථානයේ තේවාවනට ගැනෙන උපකරණ සියල්ල ගෙන, නිල් රෙද්දකින් ඒවා ඔතා, තහෂ් හමින් එය වසා, ඒවා උසුලාගෙන යන මැස්සේ තැබිය යුතු ය.
13“ඔවුන් ලෝකඩ පූජාසනයෙන් අළු ඉවත් කොට, ඒ මත දම් පැහැ රෙද්දක් ඇතිරිය යුතු ය. 14ඉන්පසු ඔවුන් පූජාසනයේ තේවාවනට ගැනෙන දුම් කබල්, මස් කොකු, හැඳි හා ලේ ඉසින බඳුන් යන උපකරණ සියල්ල ඒ මත තැබිය යුතු ය. ඉන්පසු තහෂ් හම් වැස්මක් ඒ මත අතුරා, එය උසුලාගෙන යන පොලු සවි කළ යුතු ය.
15“මෙසේ ආරොන් හා ඔහුගේ පුතුන් ශුද්ධස්ථානයේ ශුද්ධ භාණ්ඩ හා ශුද්ධ උපකරණ සියල්ල වසා නිම කළ පසු, කඳවුර පිටත්වීමට සූදානම් වූ කල, කොහාත් පුත්‍රයින් එය ඔසවාගෙන යෑමට ආ යුතු ය. එහෙත් ඔවුන් ශුද්ධ දෑ ස්පර්ශ නො කළ යුතු ය. ස්පර්ශ කළොත් ඔවුන් මියෙනු ඇත. හමුවීමේ කූඩාරමේ එම භාණ්ඩ උසුලාගෙන යා යුත්තෝ කොහාත්වරු ය.
16“පූජක ආරොන්ගේ පුත් එලෙයාසර් පහන් සඳහා වූ තෙල් ද සුගන්ධ ද්‍රව්‍ය ද නිරන්තර ධාන්‍ය පූජාව ද ආලේප තෙල් ද යනාදියෙහි භාරකාරත්වය දැරිය යුතු ය. සමස්ත මණ්ඩපයෙහි හා ශුද්ධ භාණ්ඩ හා උපකරණ ඇතුළු එහි තුළ ඇති සියලු දෑහි භාරකාරත්වය ඔහු දැරිය යුතු ය” යි පැවසූ සේක.
17 ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් ඇමතූ සේක්, 18“කොහාත් ගෝත්‍ර වංශ පෙළපත් ලෙවීවරුන් අතරින් නැති වී නො යන ලෙසට වග බලා ගන්න. 19අතිශුද්ධ දෑ වෙත ඔවුන් ළඟා වන කල්හි, ඔවුන් නො නැසී ජීවත් වන පිණිස, ඔවුනට මෙසේ කරන්න. ආරොන් හා ඔහුගේ පුතුන් ශුද්ධස්ථානය තුළට ගොස්, එක් එක් කෙනාගේ කාරියත්, ඔහු උසුලාගෙන යා යුත්තේ කවරක් ද යන්නත් ඔහුට නියම කළ යුතු ය. 20එහෙත්, කොහාත්වරුන් ශුද්ධ දෑ බලන්නට එක් මොහොතකට පවා ඇතුළට නො ගිය යුතු ය; ගියහොත්, ඔවුන් මියෙනු ඇතැ” යි පැවසූ සේක.
ගෙර්ෂොන් පෙළපත් සේවා
21 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 22“ගෙර්ෂොන් පුත්‍රයින් ද ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව ගණන් කරන්න. 23හමුවීමේ කූඩාරමේ කාර්යයන් සඳහා සේවයට පිවිසෙන තිස්වන වියේ සිට පනස් වන විය දක්වා වූ සියලු පිරිමින් ගණන් කරන්න.
24“මෙහෙ කිරීමෙහි හා බර උසුලාගෙන යෑමෙහි ගෙර්ෂොන්වරුන්ගේ පෙළපත්වල සේවය මෙසේයි. 25ඔවුන් උසුලාගෙන යා යුත්තේ, මණ්ඩපයේ හා හමුවීමේ කූඩාරමේ තිර ද උඩු වියන් වැස්ම හා තහෂ් හමින් කළ පිට වැස්ම ද හමුවීමේ මණ්ඩප දොරටු තිරය ද 26මණ්ඩපය හා පූජාසනය වටා වූ මළුවේ තිර ද මළුවේ දොරටු තිරය ද ලණු ද ඒවායේ කාර්යයනට අදාළ උපකරණ සියල්ල ද යනාදියයි. මේ දෑ සම්බන්ධ ව කළ යුතු වූ හැම කාරියක් ම ගෙර්ෂොන්වරුන් ඉටු කළ යුතු ය. 27මෙසේ උසුලාගෙන යෑමේ හෝ අන් කාරියක් කිරීමේ හෝ යන හැම සේවාවක් ම ඔවුන් කළ යුතු වන්නේ, ආරොන්ගේ හා ඔහුගේ පුතුන්ගේ අධීක්ෂණය යටතේ ය. ඔවුන් උසුලාගෙන යන සියලු දෑහි වගකීම ඔබ ඔවුනට පැවරිය යුතු ය. 28හමුවීමේ කූඩාරමේ ගෙර්ෂොන්වරුන්ගේ පුත්‍රයන්ගේ පෙළපත් සතු සේවය එයයි. ඔවුන්ගේ කාර්යයන් පූජක ආරොන්ගේ පුත් ඊතාමර්ගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතු ය.
මෙරාරී පෙළපත් සේවා
29“මෙරාරී පුත්‍රයන්ගේ ද ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව ගණන් කරන්න. 30හමුවීමේ කූඩාරමේ කාර්යයන් සඳහා සේවයට පිවිසෙන තිස්වන වියේ සිට පනස් වන විය දක්වා වූ සියලු පිරිමින් ගණන් කරන්න. 31හමුවීමේ කූඩාරමේ සේවය ඉටු කරද්දී, ඔවුන්ගේ කාර්යය මෙයයි: මණ්ඩපයේ ලෑලි, එහි හරස් පොලු, කණු හා පාද තල ඔසවාගෙන යෑමත්, 32කූඩාරම් මළුව වටා ඇති කණු සහ ඒවායේ පාද තල, කූඤ්ඤ, ලණු සහ ඒවායේ සියලු උපකරණ ද ඒවායේ කාර්යයනට අදාළ හැම දෙයක් ම ද උසුලාගෙන යෑමත් ය. එක් එක්කෙනා උසුලාගෙන යා යුතු නිශ්චිත භාණ්ඩ ඒ ඒ අයට නියම කරන්න. 33පූජක ආරොන්ගේ පුත් ඊතාමර්ගේ අධීක්ෂණය යටතේ හමුවීමේ කූඩාරම් සේවයේ මෙරාරී පුත්‍රයන්ගේ පෙළපත් සතු කාර්යය එය යැ” යි පැවසූ සේක.
ලෙවී පෙළපත් සංගණනය
34මෝසෙස් හා ආරොන් ද ප්‍රජා නායකයෝ ද කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගේ පෙළපත් හා පියවංශ අනුව ඔවුන් ගණන් කළහ.
35හමුවීමේ කූඩාරමේ කාර්යයන් සඳහා සේවයට පිවිසි තිස්වන වියේ සිට පනස් වන විය දක්වා වූ සියලු පිරිමි, 36ඔවුන්ගේ පෙළපත් අනුව දෙදහස් හත්සිය අසූදෙනෙක් ගණන් ගන්නා ලදහ. 37හමුවීමේ කූඩාරම් සේවයේ නියුතු කොහාත්වරුන්ගේ පෙළපත්වල සියල්ලන්ගේ මුළු ගණන එයයි. මෝසෙස් මගින් ලද ස්වාමින්වහන්සේගේ අණ පරිදි මෝසෙස් හා ආරොන් ඔවුන් ගණන් කළහ.
38ගෙර්ෂොන් පුත්‍රයෝ ද ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව ගණන් ගන්නා ලදහ.
39හමුවීමේ කූඩාරමේ කාර්යයන් සඳහා සේවයට පිවිසි තිස්වන වියෙහි සිට පනස් වන විය දක්වා වූ සියලු පිරිමි, 40ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව දෙදහස් හයසිය තිස්දෙනෙක් ගණන් ගන්නා ලදහ. 41හමුවීමේ කූඩාරම් සේවයෙහි නියුතු ගෙර්ෂොන් පුත්‍රයන්ගේ පෙළපත්වල සියල්ලන්ගේ මුළු ගණන එයයි. ස්වාමින්වහන්සේගේ අණ පරිදි මෝසෙස් හා ආරොන් ඔවුන් ගණන් කළහ.
42මෙරාරී පුත්‍රයන්ගේ පෙළපත් ද ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව ගණන් ගන්නා ලදහ.
43හමුවීමේ කූඩාරමේ කාර්යයන් සඳහා සේවයට පිවිසි තිස්වන වියේ සිට පනස් වන විය දක්වා වූ සියලු පිරිමි, 44ඔවුන්ගේ පෙළපත් අනුව තුන්දහස් දෙසීය දෙනෙක් ගණන් ගන්නා ලදහ. 45මෙරාරී පෙළපත්වල මුළු ගණන වූයේ එයයි. මෝසෙස් මගින් ලද ස්වාමින්වහන්සේගේ අණ පරිදි, මෝසෙස් හා ආරොන් ඔවුන් ගණන් කළහ.
46මෙසේ, මෝසෙස් හා ආරොන් ද ඉශ්‍රායෙල් නායකයෝ ද සියලු ලෙවීවරුන් ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව ගණන් කළහ. 47හමුවීමේ කූඩාරම් සේවයේ හා එය උසුලාගෙන යෑමේ කාර්යයන් සඳහා සුදුසු, තිස්වන වියේ සිට පනස් වන විය දක්වා වූ පිරිමි සියල්ලෝ 48අටදහස් පන්සිය අසූ දෙනෙකි. 49මෝසෙස් මගින් ලද ස්වාමින්වහන්සේගේ අණ පරිදි හැම කෙනකුට ම ඔහුගේ කාරිය පවරන ලද අතර උසුලාගෙන යා යුත්තේ කුමක් දැයි පවසන ලදී.
මෙසේ ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔවුහු ගණන් ගන්නා ලදහ.
දැනට තෝරාගෙන ඇත:
ගණන් 4: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: