යෝසෙප්ගෙන් පැවත එන පෙළපත්වලට අයත් මනස්සේගේ පුත්, මාකීර්ගේ පුත්‍ර ගිලියාද්ගේ පෙළපත් පවුල් ප්‍රධානීහු, මෝසෙස් ද ජන ප්‍රධානීන් ද ඉශ්‍රායෙල් පවුල් ප්‍රධානීන් ද වෙත අවුත්, ඔවුන් ඇමතූහ. ඔවුහු කතා කරමින්, “පස ඇට දැමීමෙන් ඉශ්‍රායෙල් ජනයාට උරුමයක් කොට දේශය බෙදා දෙන මගේ ස්වාමියාට ස්වාමින්වහන්සේ අණ කළ අවස්ථාවේ, අප සහෝදර සෙලොෆෙහාද්ගේ උරුමය ඔහුගේ දූවරුන්ට දෙන ලෙස ස්වාමින්වහන්සේ ඔබට නියෝග කළ සේක. ඇතැම් විට වෙනත් ඉශ්‍රායෙල් ගෝත්‍රිකයකු සමඟ ඔවුන් විවාහ විය හැකි ය. එවිට ඔවුන්ගේ උරුමය, අපේ පියවරුන්ගේ පාරම්පරික උරුමයෙන් බැහැර කරනු ලදුව, ඔවුන් විවාහයෙන් බැඳුණු ගෝත්‍රයට සවිවනු ඇත. එවිට අපට වෙන් කර දෙනු ලැබූ උරුමයෙන් කොටසක් අපට අහිමි වෙයි. ඉශ්‍රායෙල්වරුන්ගේ ජුබිලි වර්ෂය එළැඹි කල, ඔවුන්ගේ උරුමය විවාහයෙන් ඔවුන් බැඳුණු ගෝත්‍රයට එකතු වී, ඔවුන්ගේ එම දේපළ අපේ පියවරුන්ගේ ගෝත්‍ර උරුමයෙන් ඉවත් කෙරෙනු ඇතැ” යි කීවෝ ය. එවිට ස්වාමින්වහන්සේගේ අණ පරිදි, මෝසෙස් ඉශ්‍රායෙල් ජනයාට මෙම නියෝගය දුන්නේ ය: “යෝසෙප් වංශික ගෝත්‍ර ජනයා කියන දේ නිවැරදියි. සෙලොෆෙහාද්ගේ දූවරුනට ස්වාමින්වහන්සේ අණ කරන්නේ මෙසේයි: ඔවුන්ගේ පිය පෙළපත් ගෝත්‍රයට අයත් කවරකු හා සමඟ වුව ද, තමනට රිසි පරිදි විවාහ වීමට ඔවුනට පුළුවන. ඉශ්‍රායෙල්හි කිසි උරුමයක්, ගෝත්‍රයකින්, ගෝත්‍රයකට යා යුතු නැත. හැම ඉශ්‍රායෙල් ජාතිකයකු ම තම පියවරුන්ගෙන් උරුම වූ ගෝත්‍රික ඉඩ කඩම් තමන් අතර තබා ගනිත්වා. හැම ඉශ්‍රායෙල්වරයකුට ම තම පියවරුන්ගේ උරුමය හිමි වන පිණිස, ඉශ්‍රායෙල් ජාතික කවර ගෝත්‍රයකින් වුව ඉඩ කඩම් උරුම වන හැම දියණියක ම විවාහ විය යුත්තේ, ඇගේ පියාගේ ගෝත්‍රයේ පෙළපතක කෙනකු හා සමඟ ය. කිසිදු උරුමයක් ගෝත්‍රයකින්, ගෝත්‍රයකට මාරු වී නො යත්වා. මන්ද හැම ඉශ්‍රායෙල් ගෝත්‍රයක් ම ඊට උරුම වන බිම් පෙදෙස තබා ගත යුතු බැවිනි” යනු ඒ නියෝගයයි. එබැවින් සෙලොෆෙහාද්ගේ දූවරු, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි කළෝ ය. මාලා, තිර්සා, හොග්ලා, මිල්කා සහ නොවා යන සෙලොෆෙහාද්ගේ දූවරු තම පියාගේ සහෝදරයන්ගේ පුතුන් සමඟ විවාහ වූහ; යෝසෙප්ගේ පුත් මනස්සේගෙන් පැවතෙන පෙළපත ඇතුළත විවාහ වූහ. මෙසේ ඔවුන්ගේ උරුමය ඔවුන්ගේ පිය පෙළපත හා ගෝත්‍රය තුළ ම රැඳිණි. යෙරිකෝවෙන් මෙපිට යොර්දාන් ගඟබඩ මෝවබ් තැනිතලාවේදී මෝසෙස් මගින් ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට දුන් ආඥා හා නීති ඒවා ය.
ගණන් 36 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගණන් 36:1-13
6 Days
Join Pastor Darlene Zschech for a 6-day study on the Sisters of Zelophehad, who stepped out of their comfort zones and dared to ask for something very radical in their time. We believe their story can inspire women today, who are called to be strong pillars of faith and destined to be witnesses in our culture.
31 Days
Daily Bible Reading—October 2025. Build consistent interaction with Scripture! Each day you'll find background, key verses for meditation, and reflection questions to help you dive deeper into Scripture. Prayers prompted by the day's passage will help you connect with God and others. Journey with us this month!
Daily Bible Reading is designed to facilitate consistent interaction with Scripture. It includes background information on each day’s Scripture passage, key verses for meditation, reflection questions to help you dive deeper into Scripture, and prayers to help you connect to God and be of spiritual support to others. Journey with us this month as we explore the theme “God’s Renewing Word of Peace and Justice.”
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ