ගණන් 32:6-12
ගණන් 32:6-12 SCV
එහෙත් මෝසෙස්, ගාද් ජනයාට හා රූබෙන් ජනයාට පිළිතුරු දෙමින්, “ඔබේ සහෝදර ජනයා යුද්ධයට යද්දී, නුඹලා මෙහි හිඳගෙන සිටින්න ද? ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට දී ඇති දේශයට යෑමෙන් ඔබ ඔවුන් අධෛර්යට පත් කරන්නේ මොකද? දේශය සෝදිසි කරන්නට කාදෙෂ්-බර්නේය සිට මා ඔබේ පියවරුන් පිටත් කර යැවූ කල, ඔවුන් කළේ ද මෙයමයි. ඔවුන් එෂ්කොල් මිටියාවත තෙක් ගොස්, දේශය නරඹා, ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට දී තිබූ දේශයට ඔවුන් ඇතුළු වීම වළකමින්, ඔවුන් අධෛර්යට පත් කළා. ඒ දවසේ ස්වාමින්වහන්සේගේ කෝපය ඇවිළී, උන්වහන්සේ මෙසේ ශපථ කරමින්, දිවුළ සේක: ‘මොවුන් මුළු හදින් ම මා අනුගමන නො කළ නිසා, ඊජිප්තුවෙන් පිටත් ව ආ විසි වියැති වූත් ඊට වැඩි වූත් කිසිදු පිරිමියකු ආබ්‍රහම්ටත්, ඊසාක්ටත්, යාකොබ්ටත් මා දිවුරා පොරොන්දු වූ දේශය දකින්නේ නැත. කෙනිස්සීය යෙෆුන්නෙගේ පුත් කාලෙබ් සහ නූන්ගේ පුත් යෝෂුවා මුළු හදින් ස්වාමින්වහන්සේ අනුගමන කළ බැවින්, ඔවුන් හැර, අන් කිසිවකුත් ඒ දේශය දකින්නේ නැත.’

