ගණන් 32:1-5

ගණන් 32:1-5 SCV

ගව රංචු හා එළු බැටළු රංචු අති විශාල වශයෙන් හිමි ව සිටි රූබෙන් ජනයා හා ගාද් ජනයා, යාසේර් හා ගිලියාද් යන පෙදෙස්, තම පශු සම්පතට කොතරම් උචිත දැයි දුටුවහ. එබැවින් ඔවුහු මෝසෙස් ද පූජක එලෙයාසර් ද ජන ප්‍රධානීන් ද වෙත අවුත්, ඔවුන්ට කතා කොට, “අටාරොත්, දීබොන්, යාසේර්, නිම්රා, හෙෂ්බෝන්, එලෙයාලේ, සෙබාම්, නෙබෝ හා බෙයොන් යන ප්‍රදේශ, එනම් ඉශ්‍රායෙල් ජනයා ඉදිරියේ ස්වාමින්වහන්සේ යටත් කර දුන් දේශය, පශු සම්පතට උචිතයි. ඔබේ සේවක අපට පශු සම්පත් ඇති බැවින්, ඔබේ ප්‍රසාදය අපට හිමි වේ නම්, ඔබේ සේවකයින් වන අපට, අපේ උරුමය වශයෙන්, මේ බිම දෙනු ලැබේවා. යොර්දානෙන් එතෙරට අප ගෙන නො යේවා” යි ඉල්ලූහ.