ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, උරුමයක් වශයෙන් දේශය ඔවුනට බෙදා දිය යුත්තේ, ඔවුන්ගේ නාම ගණන අනුව ය. විශාල කණ්ඩායමකට විශාල උරුමයක් ද කුඩා කණ්ඩායමකට කුඩා උරුමයක් ද දෙන්න. එක් එක් කණ්ඩායම තම උරුමය ලැබිය යුත්තේ ලේඛනගත ගණනට අනුකූලව ය. පස ඇට දැමීමෙන් දේශය බෙදා දීමට වග බලා ගන්න. එක් එක් කණ්ඩායමට උරුමය ලැබෙනු ඇත්තේ, ඔවුන්ගේ පිය ගෝත්‍ර වංශ නාමවලට අනුව ය. විශාල මෙන් ම කුඩා කණ්ඩායම් අතරේ ඒ ඒ උරුමය බෙදා දිය යුත්තේ පස ඇට දැමීමෙනි. තමන්ගේ පෙළපත් අනුව ගණන් ගන්නා ලද ලෙවීවරු මොවුහු ය: ගෙර්ෂොන්ගෙන් පැවත එන ගෙර්ෂුන්නී පෙළපත; කොහාත්ගෙන් පැවත එන කොහාතී පෙළපත; මෙරාරීගෙන් පැවත එන මෙරාරී පෙළපත යනුයි. මේවා ද ලෙවී පෙළපත් ය. ලිබ්නී පෙළපත, හෙබ්‍රොනී පෙළපත, මාලී පෙළපත, මූෂී පෙළපත හා කොර්හී පෙළපත. කොහාත්, අම්රාම්ගේ පියා ය. අම්රාම්ගේ බිරිඳ වූ යොකෙබෙද් ඊජිප්තුවේදී ලෙවී පෙළපතේ උපන් ලෙවී වංශික කතකි. ඈ, අම්රාම්ට දාව ආරොන් ද මෝසෙස් ද ඔවුන්ගේ සොහොයුරිය වූ මිරියාම් ද බිහි කළා ය. ආරොන්, නාදාබ්ගේ ද අබීහූගේ ද එලෙයාසර්ගේ ද ඊතාමර්ගේ ද පියා ය. ස්වාමින්වහන්සේ අබියස අනවසර ගින්නක් පිදූ අවස්ථාවේ නාදාබ් හා අබීහූ මරණයට පත් වූහ. ලෙවීවරුන් අතර ගණන් ගන්නා ලද එක් මසක් හා ඊට වැඩි වයස් වූ පිරිමි සියල්ලෝ විසිතුන් දහස් දෙනෙකි. සෙසු ඉශ්‍රායෙල්වරුන් අතරේ කිසි උරුමයක් නො ලද බැවින්, ලෙවීවරු සෙසු ඉශ්‍රායෙල්වරුන් සමඟ ගණන් ගනු ලැබුවේ නැත. යෙරිකෝවෙන් මෙපිට යොර්දාන් ගඟබඩ මෝවබ් තැන්නේදී මෝසෙස් හා පූජක එලෙයාසර් විසින් ඉශ්‍රායෙල් ජනයා ගණනය කරනු ලැබූ කල, ගණන් ගනු ලැබූවෝ මොවුහු ය. මොවුන්ගෙන් එක් කෙනෙක් හෝ, සීනයි කාන්තාරයේදී මෝසෙස් හා ආරොන් විසින් ඉශ්‍රායෙල් ජනයා ගණනය කරනු ලැබූ පළමු අවස්ථාවේදී ගණන් ගනු ලැබූවන් අතරේ නො වූහ. මන්ද සැබවින් ම ඔවුන් පාළුකරයේ මිය යන වග ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට පවසා තිබිණි. යෙෆුන්නෙගේ පුත් කාලෙබ් ද නූන්ගේ පුත් යෝෂුවා ද හැර ඔවුන්ගෙන් එක් කෙනකුදු නො මැරී ඉතිරි වූයේ නැත.
ගණන් 26 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගණන් 26:52-65
17 Days
G. Campbell Morgan once said, “We cannot organise revival, but we can set our sails to catch the wind from Heaven when God chooses to blow upon His people once again." This 17 day journey through the scriptures will help inspire you with what the Bible teaches on revival and renewal.
30 Days
TOGETHER IN HIS WORD a Church-Wide Two-Year Bible Reading Plan for reading through the Bible chronologically
31 Days
This is the fourth part of a reading plan through the Bible following the lectionary pattern of reading in the Psalms, Old Testament, and New Testament each day. In addition, this part of the plan will also focus on our only comfort in life and death from questions 1 & 2 of the Heidelberg Catechism.
21 Days
As Christ-followers we acknowledge that Jesus is not only our Savior, but also our Lord. We recognize that everything belongs to Him and that we’re only stewards of His good gifts. Through this plan’s devotional content and brief Scripture readings, you’ll discover that being a good steward of those gifts requires that we become more and more like Him—the essence of conformity.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ