ගණන් 23:27-30
ගණන් 23:27-30 SCV
ඉන්පසු බාලාක්, බාලාම් අමතමින්, “එන්න, මම වෙනත් තැනකට ඔබ ගෙන යන්නම්. එහි සිට, මා වෙනුවෙන් ඔවුනට ශාප කරන්නට ඇතැම් විට දෙවියන්වහන්සේ කැමති වනු ඇතැ” යි කීවේ ය. මෙසේ බාලාක්, පාළුකරය පෙනෙන පෙයෝර් කඳු මුඳුනට බාලාම් කැඳවාගෙන ගියේ ය. “මට මෙහි පුදසුන් හතක් තනන්න. ගවයින් හත් දෙනෙක් හා බැටළුවන් හත් දෙනෙක් මට සූදානම් කරන්නැ” යි බාලාම් කී ය. බාලාම් පවසා තිබූ පරිදි කළ බාලාක්, එක් එක් පුදසුන මත ගවයකු හා බැටළුවකු බැගින් ඔප්පු කළේ ය.

