ගණන් 21:1-3

ගණන් 21:1-3 SCV

ඉශ්‍රායෙල්වරුන් අතාරිම්ට යන මාවත ඔස්සේ එන වග ඇසූ නෙගෙබ්හි විසූ කානානි ජාතික, අරාද්හි රජු, ඉශ්‍රායෙල්වරුනට පහර දී, ඔවුන්ගෙන් ඇතැම් දෙනකු අල්ලා ගත්තේ ය. එවිට ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේට බාරයක් වෙමින්, “ඔබවහන්සේ මේ ජනයා අපේ අත්වලට අල්ලා දෙන සේක් නම්, අපි ඔවුන්ගේ නගර සහමුලින් ම විනාශ කරන්නෙමු” යි ශපථ කළහ. ඉශ්‍රායෙල්ගේ අයැදීමට සවන් දුන් ස්වාමින්වහන්සේ ඔවුන් අතට, කානානිවරුන් හසුකර දුන් සේක. ඔවුහු කානානිවරුන් ද ඔවුන්ගේ නගර ද මුළුමනින් විනාශ කළහ. එබැවින් එම ස්ථානය හොර්මා නමින් හැඳින්විණි.