ගණන් 20:7-12

ගණන් 20:7-12 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “සැරයටිය ගෙන, ඔබත්, ඔබේ සහෝදර ආරොනුත් ජනතාව එක් රැස් කරවන්න. ඔවුන්ගේ ඇස් ඉදිරිපිට පර්වතයට කතා කරන්න. එවිට එය එහි වතුර ගලා යවනු ඇත. ජන සමූහයාට පර්වතයෙන් ඔබ වතුර ගෙන දෙනු ඇත. එවිට ඔවුන්ට ද ඔවුන්ගේ සතුනට ද බීමට හැකි වේ යැ” යි පැවසූ සේක. එවිට මෝසෙස් තමාට ස්වාමින්වහන්සේ අණ කළ ලෙස, උන්වහන්සේ අබියසින් සැරයටිය ගත්තේ ය. මෝසෙස් හා ආරොන් පර්වතය ඉදිරියේ සමූහයා එක් රැස් කරවූහ. ඉන්පසු ඔවුන් ඇමතූ මෝසෙස්, “කැරලිකරුවනි, මේ අහපල්ලා. මේ පර්වතයෙන් අප නුඹලාට වතුර ගෙන දෙන්න ඕනෑ දැ?” යි ඇසී ය. ඉන්පසු තම අත එසවූ මෝසෙස්, තම සැරයටියෙන් දෙවරක් පර්වතයට ගැසී ය. වතුර ඉන් ගලා හැලෙන්නට වන්නේ ය. ජන සමූහයත්, ඔවුන්ගේ සතුනුත් එයින් බීවෝ ය. එහෙත් මෝසෙස් හා ආරොන් ඇමතූ ස්වාමින්වහන්සේ, “ඉශ්‍රායෙල්වරුන් හමුවෙහි මගේ ශුද්ධත්වයට ගෞරව පැමිණෙන සේ ඔබ මා කෙරෙහි විශ්වාසය නො තැබූ බැවින්, මේ ප්‍රජාවට මා දෙන දේශයට ඔබ ඔවුන් ගෙන යන්නේ නැතැ” යි පැවසූ සේක.

ගණන් 20:7-12 සඳහා වීඩියෝව

ගණන් 20:7-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය