ගණන් 20:10-13

ගණන් 20:10-13 SCV

මෝසෙස් හා ආරොන් පර්වතය ඉදිරියේ සමූහයා එක් රැස් කරවූහ. ඉන්පසු ඔවුන් ඇමතූ මෝසෙස්, “කැරලිකරුවනි, මේ අහපල්ලා. මේ පර්වතයෙන් අප නුඹලාට වතුර ගෙන දෙන්න ඕනෑ දැ?” යි ඇසී ය. ඉන්පසු තම අත එසවූ මෝසෙස්, තම සැරයටියෙන් දෙවරක් පර්වතයට ගැසී ය. වතුර ඉන් ගලා හැලෙන්නට වන්නේ ය. ජන සමූහයත්, ඔවුන්ගේ සතුනුත් එයින් බීවෝ ය. එහෙත් මෝසෙස් හා ආරොන් ඇමතූ ස්වාමින්වහන්සේ, “ඉශ්‍රායෙල්වරුන් හමුවෙහි මගේ ශුද්ධත්වයට ගෞරව පැමිණෙන සේ ඔබ මා කෙරෙහි විශ්වාසය නො තැබූ බැවින්, මේ ප්‍රජාවට මා දෙන දේශයට ඔබ ඔවුන් ගෙන යන්නේ නැතැ” යි පැවසූ සේක. ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේ හා කලහ කළ තැන ද තමන්වහන්සේ ශුද්ධ වග උන්වහන්සේ ඔවුන් අතරෙහි පෙන්වා දුන් තැන ද වූ මෙරීබා ජලය මෙතැන ය.

ගණන් 20:10-13 සඳහා වීඩියෝව