මුළු ඉශ්‍රායෙල් ප්‍රජාව, පළමු මාසයේ සීන් කාන්තාරය වෙත ළඟා වී, කාදෙෂ්හි නැවතුණහ. එහිදී මිරියාම් මිය ගියෙන්, එහිදී ම ඇය භූමදාන කරන ලදී. එහිදී ජනයාට වතුර නො වූ බැවින්, ඔවුහු මෝසෙස්ට හා ආරොන්ට එරෙහිව එක් රොක් වූහ. මෝසෙස් හා දබර කළ ඔවුහු, “ස්වාමින්වහන්සේ ඉදිරියේ අපේ සහෝදරයින් මැරී වැටුණු කල, අනේ අපත් මැරී ගියා නම්! අපත්, අපේ සතුනුත් මැරී යන්නට නුඹලා ස්වාමින්වහන්සේගේ ජන සමූහයා මේ පාළුකරයට ගෙන ආවේ කුමට ද? ඊජිප්තුවෙන් පිටතට මේ භයංකර ස්ථානයට අප ගෙන ආවේ කුමට ද? කෝ! මෙහි ධාන්‍ය නැත; අත්තික්කා නැත; මිදි වැල් නැත; දෙළුම් නැත. ඒ මදිවාට බොන්නට වතුරත් නැතැ” යි කීහ. එවිට මෝසෙස් හා ආරොන්, එසේ රැස්වූවන් වෙතින් හමුවීමේ කූඩාරම් දොරකඩ වෙත ගොස්, මුණින් තලා වැටුණහ. එවිට ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය ඔවුනට පෙනෙන්නට විය. ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “සැරයටිය ගෙන, ඔබත්, ඔබේ සහෝදර ආරොනුත් ජනතාව එක් රැස් කරවන්න. ඔවුන්ගේ ඇස් ඉදිරිපිට පර්වතයට කතා කරන්න. එවිට එය එහි වතුර ගලා යවනු ඇත. ජන සමූහයාට පර්වතයෙන් ඔබ වතුර ගෙන දෙනු ඇත. එවිට ඔවුන්ට ද ඔවුන්ගේ සතුනට ද බීමට හැකි වේ යැ” යි පැවසූ සේක. එවිට මෝසෙස් තමාට ස්වාමින්වහන්සේ අණ කළ ලෙස, උන්වහන්සේ අබියසින් සැරයටිය ගත්තේ ය. මෝසෙස් හා ආරොන් පර්වතය ඉදිරියේ සමූහයා එක් රැස් කරවූහ. ඉන්පසු ඔවුන් ඇමතූ මෝසෙස්, “කැරලිකරුවනි, මේ අහපල්ලා. මේ පර්වතයෙන් අප නුඹලාට වතුර ගෙන දෙන්න ඕනෑ දැ?” යි ඇසී ය. ඉන්පසු තම අත එසවූ මෝසෙස්, තම සැරයටියෙන් දෙවරක් පර්වතයට ගැසී ය. වතුර ඉන් ගලා හැලෙන්නට වන්නේ ය. ජන සමූහයත්, ඔවුන්ගේ සතුනුත් එයින් බීවෝ ය. එහෙත් මෝසෙස් හා ආරොන් ඇමතූ ස්වාමින්වහන්සේ, “ඉශ්‍රායෙල්වරුන් හමුවෙහි මගේ ශුද්ධත්වයට ගෞරව පැමිණෙන සේ ඔබ මා කෙරෙහි විශ්වාසය නො තැබූ බැවින්, මේ ප්‍රජාවට මා දෙන දේශයට ඔබ ඔවුන් ගෙන යන්නේ නැතැ” යි පැවසූ සේක.
ගණන් 20 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගණන් 20:1-12
5 days
If you've been single for a long stretch of time, you may be asking God some questions. If you've wondered the purpose of your waiting, you're just like me. In this devotion, we'll discuss the mountains and the valleys of waiting through the stories of Moses, Ruth, Jacob, Paul, and Abraham.
5 Days
Have you ever wondered why God didn’t allow Moses to enter the Promised Land? This 5-day devotional explores the heart of Moses’ story, revealing lessons on obedience, holiness, leadership, and the grace of God. Through Scripture and reflection, you’ll discover how even our failures can’t stop God's greater plan—and how His mercy always points us toward the true Promised Land found in Christ.
27 days
In the book of Numbers, God demonstrates himself as a pillar of fire and a pillar of smoke, faithfully leading his often rebellious people through the wilderness. Although the faithless wilderness generation was barred from entering the promised land, God was raising up a generation to lead the people from their wandering into the conquest of the land of Canaan.
30 Days
This twelve-part plan can be read alone, with a group, or with your family! Each month, you will dive into a new part of the unified story that leads to Jesus discovering the heart of God for the whole world. Let's dive into Part two of twelve!
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ