ස්වාමින්වහන්සේ මෙසේ පවසමින්, මෝසෙස් හා ආරොන් ඇමතූ සේක: “ඉශ්‍රායෙල් ජනයා, එක් එක්කෙනා, තම තමාගේ පෙළපත් ලාංඡන යටතේ, තම ගෝත්‍රික ධජයට අනුව හමුවීමේ කූඩාරමට මදක් ඈත් ව, ඒ වටා කූඩාරම් ගැසිය යුතු ය.” හිරු උදා වන නැගෙනහිර දෙසට: යූදා කඳවුරේ සේනාංක, ඔවුන්ගේ ධජය යටතේ කඳවුරු ගැසිය යුතු ය. අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් යූදා ජනයාගේ නායකයා ය. ඔහුගේ සේනාංකය හැත්තෑහතරදහස් හයසිය දෙනකුගෙන් යුතු විණි. ඊළඟට ඉස්සාකර් ගෝත්‍රයයි. ඉස්සාකර් ජනයාගේ නායකයා, සූවාර්ගේ පුත් නෙතනේල් ය. ඔහුගේ සේනාංකය පනස්හතරදහස් හාරසිය දෙනකුගෙන් යුතු විණි. ඊළඟට සාබුලොන් ගෝත්‍රයයි. සාබුලොන් ජනයාගේ නායකයා, හේලොන්ගේ පුත් එලියාබ් ය. ඔහුගේ සේනාංකය පනස්හත්දහස් හාරසිය දෙනකුගෙන් යුතු විය. යූදා කඳවුරට ගැනෙන, ඔවුන්ගේ සේනාංකවලට අයත් පිරිමින්ගේ මුළු ගණන එක්ලක්ෂ අසූහය දහස් හාරසියයකි. මුලින් ම පිටත් ව යන්නෝ ඔවුහු ය.
ගණන් 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගණන් 2:1-9
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ