ගණන් 18
18
පූජක සහ ලෙවී වගකීම්
1 ස්වාමින්වහන්සේ ආරොන් ඇමතූ සේක්, “ශුද්ධස්ථානයට එරෙහිව කරන වැරදි පිළිබඳ වගකීම දැරිය යුත්තේ ඔබත්, ඔබේ පුතුන් හා ඔබේ පිය-වංශයත් ය. නුඹලාගේ පූජකත්වයට එරෙහිව කරන වැරදි පිළිබඳ වගකීම දැරිය යුත්තේ, තනිකරම ඔබ හා ඔබේ පුත්‍රයින් ය. 2ඔබත්, ඔබේ පුතුනුත් සාක්ෂි මණ්ඩපය ඉදිරියෙහි මෙහෙ කරන විට, ඔබ හා එක් වී ඔබට සහය වන පිණිස, ඔබේ පියවංශ ගෝත්‍රයෙන් ඔබේ සහෝදර ලෙවීවරුන් කැඳවා ගන්න. 3ඔවුන් ඔබට වගකිව යුතු ය; කූඩාරමේ සියලු කටයුතු ද ඉටු කළ යුතු ය. එහෙත්, ශුද්ධස්ථානයේ බඩු බාහිරාදිය හෝ පූජාසනය හෝ අසලට ඔවුන් නො යා යුතු ය. ගියහොත්, ඔවුන් ද ඔබ ද යන දෙගොල්ල ම මියෙනු ඇත. 4ඔවුන්, ඔබ හා එක් වී, හමුවීමේ කූඩාරමේ සියලු සේවාවන් ඇතුළු ව, කූඩාරම රැක බලා ගැනීමේ වගකීම දැරිය යුතු ය. පිටස්තර කිසිවකුත් ඔබට ළං නො විය යුතු ය.
5“ඉශ්‍රායෙල්වරුන් මත උදහස යළි පතිත නො වන පිණිස, ශුද්ධස්ථානය හා පූජාසනය රැක බලා ගැනීමේ වගකීම, ඔබ දැරිය යුතු ය. 6ඔන්න! හමුවීමේ කූඩාරමේ සේවය පිණිස, ස්වාමින්වහන්සේට කැප ඔබේ සහෝදර ලෙවීවරුන් ඔබට ත්‍යාගයක් වශයෙන් ඉශ්‍රායෙල්වරුන් අතරින් තෝරා ගත්තේ මම ය. 7එහෙත් පූජාසනයට අදාළ සියලු දෑ හා තිරයෙන් ඇතුළත, පූජකයින් වශයෙන් මෙහෙ කළ යුත්තේ ඔබ හා ඔබේ පුතුන් පමණි. පූජක මෙහෙවර මා ඔබට දෙන්නේ ත්‍යාගයක් වශයෙනි. ශුද්ධස්ථානය අසලට එන අන් කවරකු වුව මරණයට පත් කරනු ලැබේ යැ” යි පැවසූ සේක.
පූජක හා ලෙවී උරුම කොටස
8ඉන්පසු ආරොන් ඇමතූ ස්වාමින්වහන්සේ, “මෙන්න! මට පිළිගැන්වෙන පූජාවල භාරකාරත්වයට ඔබ පත් කර ගත්තේ මමයි. ඉශ්‍රායෙල්වරුන් මට දෙන සියලු ශුද්ධ පඬුරු පූජා, ඔබේ කොටස හා ඔබේ නිත්‍ය පංගුව වශයෙන් මම ඔබටත්, ඔබේ පුතුන්ටත් දෙන්නෙමි. 9අතිශුද්ධ පූජාවලින් ගින්නෙහි නො දවන කොටස ඔබට ය. ධාන්‍ය පූජා හෝ පාප පූජා හෝ වරද හරිගැස්සීමේ පූජා යන කවර හෝ අතිශුද්ධ පූජාවක් වශයෙන් ඔවුන් මා වෙත ගෙනෙන සියලු පඬුරුවලින් එම කොටස හිමි ඔබටත්, ඔබේ පුතුන්ටත් ය. 10අතිශුද්ධ දෙයක් සේ එය වළඳන්න. සෑම පිරිමියකුට ම එයින් වැළඳිය හැකි ය. එය ශුද්ධ සේ සැලකිය යුතු ය.
11“මේවා ද ඔබට ය; ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු තේව කිරීමේ පූජාවලින් වෙන් කොට තබන දෑ ඔබටත්, ඔබේ පුතුන්ටත්, ඔබේ දූවරුන්ටත් නිත්‍ය පංගුවක් කොට දෙන්නෙමි. පවිත්‍ර ව සිටින ඔබේ නිවැසි සැමට එයින් වැළඳිය හැකි ය.
12“තම අස්වැන්නෙන් ප්‍රථම පල වශයෙන් ස්වාමින්වහන්සේට ඔවුන් දෙන ඉස්තරම් ම ඔලීව තෙල් සියල්ල ද ඉස්තරම් ම අලුත් මිදි යුෂ සියල්ල ද ධාන්‍ය ද මම ඔබට දෙන්නෙමි. 13ස්වාමින්වහන්සේ වෙත ඔවුන් ගෙනෙන දේශයේ ප්‍රථම පල සියල්ල ඔබට ම වනු ඇත. පවිත්‍ර ව සිටින ඔබේ නිවැසි හැම කෙනකුට ම එයින් වැළඳිය හැකි ය.
14“ඉශ්‍රායෙල්හි ස්වාමින්වහන්සේට කැප කරන ලද හැම දෙයක් ම ඔබට ය. 15මිනිසුන්ගෙන් ද සතුන්ගෙන් ද ස්වාමින්වහන්සේට ඔප්පු කරන සියලු කුලුඳුලන් ඔබට ය. එහෙත් හැම කුලුඳුල් පුතකු ද අපවිත්‍ර සතුන්ගේ කුලුඳුල් වූ හැම පිරිමි පැටවකු ද ඔබ මුදා ගත යුතු ය. 16ශුද්ධස්ථානයේ සම්මත ගේරා විස්සක් අඩංගු ෂෙකෙලයට අනුව, ෂෙකෙල් පහක් වන මිදීමේ නිසි මිලය ගෙවමින්, ඔවුනට මසක් වයස් වූ කල, ඔබ ඔවුන් මුදා ගත යුතු ය.
17“එහෙත් ගව, එළු, බැටළු කුලුඳුල් පැටවුන් ඔබ මුදා නො ගත යුතු ය. උන් ශුද්ධ ය. උන්ගේ ලේ පූජාසනය මත ඉස, ස්වාමින්වහන්සේට ගින්නෙන් පුදන ප්‍රසන්න සුවඳක් වශයෙන් උන්ගේ මේදය දවාලන්න. 18තේව කිරීමේ පූජාවේ ළපැත්ත හා දකුණු කලවය සේ ම, මෙම සතුන්ගේ මස ද ඔබට ය. 19ඉශ්‍රායෙල්වරුන් ස්වාමින්වහන්සේට පිළිගන්වන ශුද්ධ පූජාවලින් වෙන් කර තබන කවර දෙයක් වුව ද, මම ඔබටත්, ඔබේ පුතුන්ටත්, ඔබේ දූවරුන්ටත් නිත්‍ය පංගුවක් වශයෙන් දෙන්නෙමි. ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබටත්, ඔබෙන් පැවතෙන්නන්ටත් එය සදාතනික ලුණු-ගිවිසුමක් වේ යැ” යි පැවසූ සේක.
20 ස්වාමින්වහන්සේ ආරොන් ඇමතූ සේක්, “ඔවුන්ගේ දේශයේ ඔබට කිසි උරුමයක් නො ලැබේ. ඔවුන් අතරේ කිසි කොටසක් ද ඔබට නො ලැබේ. ඉශ්‍රායෙල්වරුන් අතරේ ඔබේ කොටසත්, ඔබේ උරුමයත් මම ය.
21“හමුවීමේ කූඩාරමෙහි සේවය සඳහා ලෙවී පුත්‍රයින් කරන කාරිය සඳහා දීමනාවක් වශයෙන්, ඔවුන්ට උරුමයක් කොට ඉශ්‍රායෙල්වරුන්ගේ දසයෙන් කොටස් සියල්ල මම ලෙවීවරුන්ට දෙන්නෙමි. 22මෙතැන් පටන් ඉශ්‍රායෙල්වරුන් හමුවීමේ කූඩාරම අසලට නො ගිය යුතු ය. ගියොත්, එම පාපයේ විපාකය දරා ඔවුන් මියෙනු ඇත. 23හමුවීමේ කූඩාරමේ සේවා-කටයුතු කළ යුත්තේත්, තමන්ගේ වැරදිවල වගකීම දැරිය යුත්තේත් ලෙවීවරුන් ය. මතු පරම්පරා සඳහා මෙය සදාතනික නියෝගයකි. ඉශ්‍රායෙල්වරුන් අතරෙහි කිසිදු උරුමයක් ඔවුන්ට නො ලැබේ. 24ඒ වෙනුවට, ඉශ්‍රායෙල්වරුන් පඬුරු වශයෙන් ස්වාමින්වහන්සේට පිළිගන්වන දසයෙන් කොටස්, මම ලෙවීවරුන්ට උරුමයක් කොට දෙන්නෙමි. ‘ඉශ්‍රායෙල්වරුන් අතරේ ඔවුන්ට කිසි උරුමයක් නො ලැබෙනු ඇතැ’ යි ඔවුන් ගැන මා කීවේ එබැවිනි” යි පැවසූ සේක.
25 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 26“ලෙවීවරුන් අමතා මෙසේ කියන්න: ‘ඔබට උරුමයක් වශයෙන් මා දෙන දසයෙන් කොටස්, ඉශ්‍රායෙල්වරුන්ගෙන් ඔබට ලැබුණු කල, එයින් දසයෙන් කොටසක් ඔබ ස්වාමින්වහන්සේට පඬුරක් කොට පිළිගැන්විය යුතු ය. 27ඔබේ එම පඬුරු, කමතේ ධාන්‍ය සේ ද මිදි මෝලේ මිදි යුෂ සේ ද ඔබ උදෙසා ගණන් ගනු ලැබේ. 28ඉශ්‍රායෙල්වරුන් වෙතින් ඔබ ලබන දසයෙන් කොටස් සියල්ලෙන් ඔබත් මේ අයුරින් ස්වාමින්වහන්සේට පඬුරක් ඔප්පු කරනු ඇත. එම දසයෙන් කොටස්වලින් ස්වාමින්වහන්සේගේ කොටස, පූජක ආරොන්ට ඔබ දිය යුතු ය. 29ඔබට ලැබෙන සියල්ලෙන් හොඳ ම හා ශුද්ධ කොටස, ස්වාමින්වහන්සේගේ කොටස වශයෙන් ඔබ පිළිගැන්විය යුතු ය.’
30“ලෙවීවරුනට මෙසේ ද කියන්න: ‘මෙසේ ඔබ හොඳ ම කොටස පිළිගන්වන කල, එය ඔබේ කමතේ හෝ මිදි මෝලේ හෝ නිපැයුම් සේ ඔබ උදෙසා ගණන් ගැනේ. 31ඉතිරිය, ඔබටත්, ඔබේ පවුලේ අයටත් කවර තැනකදී වුව වැළඳිය හැකි ය. මන්ද හමුවීමේ කූඩාරමෙහි ඔබ කරන සේවය වෙනුවෙන් ඔබට ලැබෙන ඔබේ වේතනය එයයි. 32එයින් හොඳ ම කොටස පිළිගැන්වීම හේතුවෙන්, ඒ සම්බන්ධ කිසි වරදක් ඔබ පිටට නො පැමිණේ. එවිට ශුද්ධ පඬුරු ඔබ අතින් දූෂ්‍ය නො වේ. එසේ ඔබ මියෙනු නැතැ’ යි ඔවුනට කියන්නැ” යි පැවසූ සේක.
දැනට තෝරාගෙන ඇත:
ගණන් 18: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: