ගණන් 16:8-11

ගණන් 16:8-11 SCV

මෝසෙස්, කෝරා අමතමින්, මෙසේ ද කීවේ ය. “ලෙවී පුත්‍රයිනි, සවන් දෙන්න! ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේ සෙසු ඉශ්‍රායෙල් සමාජය වෙතින් නුඹලා වෙන් කර ගෙන, ස්වාමින්වහන්සේගේ මණ්ඩපයේ සේවයටත්, ජනයාට සේවය කිරීම පිණිස සමාජය ඉදිරියේ සිටීමටත්, උන්වහන්සේ වෙත නුඹලා ළං කර ගැනීම නුඹලාට මදි ද? උන්වහන්සේ නුඹත්, නුඹේ සහෝදර ලෙවී පුත්‍රයින් සියලු දෙනාත් තමන්වහන්සේට ළං කර ගත් සේක. දැන් නුඹලා පූජකත්වයත් ගන්නට මාන බලනවා ද! නුඹත්, නුඹේ සියලු සගයිනුත් එක් වී ඇත්තේ ස්වාමින්වහන්සේට එරෙහිවයි. ආරොන්ට එරෙහිව මැසිවිලි නගන්නට ඔහු කවුරු ද?”