ඉශ්‍රායෙල් මුළු සමූහයා උදෙසා පූජකයා පාප වන්දි නිවාරණය ඉටු කළ යුතු ය. එවිට ඔවුන්ට කමා කරනු ලැබේ. මන්ද එය අතපසුවීමක් බැවිනි. ඒ හැරත්, ඔවුන්ගේ වරද උදෙසා ගින්නෙන් පිදූ පූජාවක් හා පාප පූජාවක් ස්වාමින්වහන්සේ වෙත ඔවුන් ගෙන ආ බැවිනි. මුළු ඉශ්‍රායෙල් ජන සමාජයට හා ඔවුන් මධ්‍යයේ වෙසෙන විදෙස්සන්ට ද කමා කරනු ලැබේ. මන්ද අතපසුවීමේ වරදට මුළු ජනතාව ම සම්බන්ධ බැවිනි. “ ‘එහෙත් එක් පුද්ගලයකු පමණක් අතපසුවීමකින් පව් කළොත්, ඔහු පාප පූජාවක් සඳහා එක් අවුරුදු එළු වැස්සියක ගෙන ආ යුතු ය. එසේ අතපසුවීමකින් පව් කරමින්, වරද කළ අය උදෙසා පූජකයා ස්වාමින්වහන්සේ ඉදිරියේ පාප වන්දි නිවාරණය ඉටු කළ යුතු ය. මෙසේ ඔහු උදෙසා පාප වන්දි නිවාරණය කළ පසු, ඔහුට සමාව ලැබේ. ඉශ්‍රායෙල් පුරවැසියකු හෝ එහි වෙසෙන විදෙස්සකු යන කවරකු වුව අතපසුවීමකින් පව් කරන ඔබ හැම කෙනකුට ම බල පැවැත්වෙන්නේ එක ම නීතියකි. “ ‘එහෙත් පුරවැසියකු හෝ විදෙස්සකු හෝ යන කවරකු වුව කැරලිකාරී ව පව් කළොත්, ඔහු ස්වාමින්වහන්සේට අපහාස කරයි. තම ජනයා වෙතින් ඔහු සිඳ දැමිය යුතු ය. ඔහු ස්වාමින්වහන්සේගේ වචනය සුළු කොට තකා, උන්වහන්සේගේ ආඥා කඩ කළ බැවින්, නියතයෙන් ම ඔහු සිඳ දැමිය යුතු ය. ඔහුගේ පාපය ඔහු මත ම වේ යැ’ යි” පැවසූ සේක. ඉශ්‍රායෙල්වරුන් පාළුකරයේ සිටියදී, එක් මිනිසෙක් සබත් දවසේ දර එකතු කරනු දක්නට ලැබිණ. ඔහු දර එකතු කරනු දුටුවෝ, මෝසෙස් හා ආරොන් වෙතටත්, මුළු සභාව වෙතටත් ඔහු ගෙන ආහ.
ගණන් 15 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගණන් 15:25-33
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ