ගණන් 13:26-31

ගණන් 13:26-31 SCV

පාරාන් කාන්තාරයේ කාදෙෂ්හි සිටි මෝසෙස් ද ආරොන් ද මුළු මහත් ඉශ්‍රායෙල් ප්‍රජාව ද වෙත ඔවුහු ආපසු ආහ. එහිදී ඔවුන්ටත්, මුළු ප්‍රජාවටත් කරුණු සැල කළ ඔවුහු දේශයේ පල ද ඔවුනට පෙන්වූහ. ඔවුහු මෝසෙස්ට කරුණු දක්වමින්, “ඔබ, අප පිටත් කළ දේශයට අපි ගියෙමු. සැබවින් ම එහි කිරි හා පැණි ගලා යයි. මෙන්න, එහි පලතුරු. එහෙත්, එහි වෙසෙන ජනයා බලවත්. එහි නගර ආරක්ෂිත ප්‍රාකාර සහිතයි; අති විශාලයි. අනාක් පරපුරේ අය පවා එහිදී අප දැක්කා. දකුණේ පෙදෙසේ වෙසෙන්නේ අමලෙක්වරුයි. කඳු රටේ වෙසෙන්නේ හිත්තිවරුන්, යෙබූසිවරුන් හා අමෝරිවරුන්. මුහුදුබඩ හා යොර්දාන් ගඟබඩ වෙසෙන්නේ කානානිවරුයි” කීහ. එවිට මෝසෙස් ඉදිරිපිටදී ජනයා නිශ්ශබ්ද කර වූ කාලෙබ්, “අපි ගොස්, ඒ දේශය අත්පත් කර ගනිමු. නිසැකයෙන් ම අපට එය කළ හැකි යැ” යි පැවසී ය. එහෙත් ඔහු හා එහි ගොස් තිබූ අය කතා කරමින්, “ඒ ජනයාට පහර දෙන්නට අපට බැහැ. ඔවුන් අපට වඩා බලවත්” යයි කීහ.

ගණන් 13:26-31 සඳහා වීඩියෝව

ගණන් 13:26-31 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය