මෙසේ පිටත් ව ගිය ඔවුහු සීන් කාන්තාරයේ පටන් ලෙබෝ-හමාත් දෙසට රෙහොබ් දක්වාත් දේශය පිරික්සූහ. නෙගෙබ් පෙදෙස මැදින් ගිය ඔවුහු, අනාක්ගෙන් පැවතෙන්නන් වූ අහීමන්, ෂේෂයි හා තල්මයි විසූ හෙබ්‍රොන් වෙත පැමිණියහ. (හෙබ්‍රොන් පුරවරය, ඊජිප්තුවේ සොවන් පුරවරයටත් වඩා හත් වසරකට කලින් ගොඩ නගන ලද්දකි.) එෂ්කොල් මිටියාවතට ළඟා වූ ඔවුහු, තනි මිදි පොකුරක් සහිත අත්තක් කපා ගත්හ. එය රැගෙන එන ලද්දේ ලීයක බැඳ මිනිසුන් දෙදෙනකු විසින් කර තබාගෙන ය. දෙළුම් හා අත්තික්කා ද ඔවුහු ගෙන ආහ. එම ස්ථානය එෂ්කොල් මිටියාවත නමින් හඳුන්වන ලද්දේ, ඉශ්‍රායෙල්වරුන් එහිදී කපා ගත් මිදි පොකුර නිසා ය. දේශයේ ඔත්තු බැලූ ඔවුහු හතළිස් දවසක් අවසානයේ ආපසු ආහ. පාරාන් කාන්තාරයේ කාදෙෂ්හි සිටි මෝසෙස් ද ආරොන් ද මුළු මහත් ඉශ්‍රායෙල් ප්‍රජාව ද වෙත ඔවුහු ආපසු ආහ. එහිදී ඔවුන්ටත්, මුළු ප්‍රජාවටත් කරුණු සැල කළ ඔවුහු දේශයේ පල ද ඔවුනට පෙන්වූහ. ඔවුහු මෝසෙස්ට කරුණු දක්වමින්, “ඔබ, අප පිටත් කළ දේශයට අපි ගියෙමු. සැබවින් ම එහි කිරි හා පැණි ගලා යයි. මෙන්න, එහි පලතුරු. එහෙත්, එහි වෙසෙන ජනයා බලවත්. එහි නගර ආරක්ෂිත ප්‍රාකාර සහිතයි; අති විශාලයි. අනාක් පරපුරේ අය පවා එහිදී අප දැක්කා. දකුණේ පෙදෙසේ වෙසෙන්නේ අමලෙක්වරුයි. කඳු රටේ වෙසෙන්නේ හිත්තිවරුන්, යෙබූසිවරුන් හා අමෝරිවරුන්. මුහුදුබඩ හා යොර්දාන් ගඟබඩ වෙසෙන්නේ කානානිවරුයි” කීහ. එවිට මෝසෙස් ඉදිරිපිටදී ජනයා නිශ්ශබ්ද කර වූ කාලෙබ්, “අපි ගොස්, ඒ දේශය අත්පත් කර ගනිමු. නිසැකයෙන් ම අපට එය කළ හැකි යැ” යි පැවසී ය. එහෙත් ඔහු හා එහි ගොස් තිබූ අය කතා කරමින්, “ඒ ජනයාට පහර දෙන්නට අපට බැහැ. ඔවුන් අපට වඩා බලවත්” යයි කීහ. මෙසේ ඔවුහු, තමන් ඔත්තු බලා තිබූ දේශය ගැන නරක තොරතුරු ඉශ්‍රායෙල් ජනයා අතර පතළ කරමින්, “අප පරීක්ෂා කර බැලූ රට එහි වැසියන් කා දමන රටක්. අප එහිදී දුටු සියල්ලන් සද්දන්ත මිනිස්සු. එහිදී යෝධ නෙෆීලිම්වරුන් ද අප දැක්කා. ඒ අය නෙෆීලිම්ගෙන් පැවත එන අනාක් පරපුරේ අය: ඔවුන් ඉදිරියේ, අපේ ඇස්වලට ම අප පෙනුණේ පළඟැටියන් පරිද්දෙන්. ඔවුන්ටත් අප පෙනුණේ එලෙසිනි” යි කීවෝ ය.
ගණන් 13 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගණන් 13:21-33
3 Days
If speaking up in the face of uncertainty terrifies you, this plan’s for you! Let Caleb’s example and good report encourage you to proclaim God’s Word in intimidating situations. Confident of God’s power, Caleb, in Numbers 13:30, MSG exclaimed, “Let’s go up and take the land – now. We can do it.” Part of walking by faith is speaking faith-filled words. Use Your Words and take your place!
5 Days
The past holds a river of memories for each of us, some good and bad. The sad thing is many of us continue to look back to the past, which is preventing us from walking into the future that God designed and prepared for us before time began. As you read through this plan, my prayer is that you will release the hold on your past and embrace the future God has for you.
The road of life is marked by a series of decision points, and at each crossroads we must make a choice. Will we make courageous choices or cowardly choices? In this 4-part plan, we’ll explore the crossroads that Joshua faced as he led the Israelites into the Promised Land and learn from him how to obey God in the big and small decisions of everyday life.
Each new day is a gift. What better way to open this never before lived present than by opening your heart to the Lord in prayer. GRACIOUS HEAVENLY FATHER -#2 is the second plan from this collection of morning prayers sure to encourage and inspire while drawing your heart closer to the heart of God.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ