එබැවින් වංශවතුන් ද නිලධාරීන් ද පොදු ජනයා ද පෙළපත් වශයෙන් ලියාපදිංචි කරනු පිණිස, එක් රැස් කරවන්නට මගේ දෙවියන්වහන්සේ මගේ හදවත පෙලඹ වූ සේක. පළමුවෙන් ආපසු පැමිණි අයගේ පෙළපත් ලේඛනය මට හමු විණි. මට හමු වූ එහි ලියා තිබුණු දෑ මෙසේ ය: බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් විසින් අල්ලා, ගෙන යන ලදුව, පිටුවහල් ව සිට ආපසු පැමිණි දේශවාසීහු මොවුහු ය. ඔවුහු යෙරුසලමටත්, යූදාටත්, එකිනෙකා තම තමන්ගේ නගරවලටත් පෙරළා ආහ. ඔවුන් පැමිණියේ සෙරුබ්බාබෙල්, යේෂුවා, නෙහෙමියා, අසරියා, රාමියා, නහමානී, මොර්දෙකයි, බිල්ෂාන්, මිස්පෙරෙත්, බිග්වයි, නෙහූම් හා බානා සමඟ ය.
නෙහෙමි 7 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නෙහෙමි 7:5-7
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ