නෙහෙමි 6:1-4
නෙහෙමි 6:1-4 SCV
කැඩුමකින්, බිඳුමකින් තොර ව මා පවුර යළි ඉදිකර ඇති වග සන්බල්ලට්ට ද ටෝබීයාට ද අරාබි ජාතික ගෙෂෙම්ට ද අපගේ සෙසු සතුරන්ට ද සැල විය. එහෙත් ඒ දක්වා මා දොරටුවල දොරවල් සවි කර තිබුණේ නැත. සන්බල්ලට් හා ගෙෂෙම් මට පණිවුඩ එවමින්, “එන්න; ඕනෝ තැන්නේ ගම්මානයකදී අපි එකට මුණගැසෙමු” යි කියා එවූහ. එහෙත් ඔවුන් අදහස් කළේ මට අනතුරු කරන්නට ය. එබැවින් මම මෙසේ කියමින්, පණිවුඩකරුවන් ඔවුන් වෙත යැවුවෙමි: “මා මහත් කාරියකට අත ගසා සිටින බැවින් එන්නට නො හැකියි. මේ වැඩය හැර ඔබ වෙත එන්නට මේ වැඩේ නැවැත්විය යුත්තේ කුමට ද?” ඒ එක ම පණිවුඩය ඔවුන් හතර වතාවක් ම මා වෙත එවූ අතර ඒ හැම විට මා දුන්නේ ද එක ම පිළිතුරකි.

