කැඩුමකින්, බිඳුමකින් තොර ව මා පවුර යළි ඉදිකර ඇති වග සන්බල්ලට්ට ද ටෝබීයාට ද අරාබි ජාතික ගෙෂෙම්ට ද අපගේ සෙසු සතුරන්ට ද සැල විය. එහෙත් ඒ දක්වා මා දොරටුවල දොරවල් සවි කර තිබුණේ නැත. සන්බල්ලට් හා ගෙෂෙම් මට පණිවුඩ එවමින්, “එන්න; ඕනෝ තැන්නේ ගම්මානයකදී අපි එකට මුණගැසෙමු” යි කියා එවූහ. එහෙත් ඔවුන් අදහස් කළේ මට අනතුරු කරන්නට ය. එබැවින් මම මෙසේ කියමින්, පණිවුඩකරුවන් ඔවුන් වෙත යැවුවෙමි: “මා මහත් කාරියකට අත ගසා සිටින බැවින් එන්නට නො හැකියි. මේ වැඩය හැර ඔබ වෙත එන්නට මේ වැඩේ නැවැත්විය යුත්තේ කුමට ද?” ඒ එක ම පණිවුඩය ඔවුන් හතර වතාවක් ම මා වෙත එවූ අතර ඒ හැම විට මා දුන්නේ ද එක ම පිළිතුරකි. ඉන්පසු පස් වන වතාවේදී සන්බල්ලට් එම පණිවුඩය ම තම මෙහෙකරු අත මා වෙත එවී ය. විවෘත ලිපියක් ඔහු අත විය. එහි මෙසේ ලියා තිබිණි: “ඔබත්, යුදෙව්වනුත් කැරලි ගසන්නට සැලසුම් කරන වගත්, ඔබ පවුර ඉදි කරන්නේ ඒ නිසා ම වගත්, ජාතීන් අතරේ ආරංචි වී ඇත. ගෂ්මු ද එසේ පවසයි. මේ ආරංචිවලට අනුව ඔබ ඔවුන්ගේ රජු වන්නට යන වග ද සැලයි. තවද ‘යූදාහි රජකු සිටී!’ යයි ඔබ ගැන යෙරුසලම තුළ ප්‍රකාශ කරන්නට දිවැසිවරුන් පවා සිටුවා ඇතැයි සැලයි; මේ පුවත රජුට ද සැලවනු ඇත; එබැවින් එනුව අපි එක් ව සාකච්ඡා කරමු” යි යන්න ය. එවිට මම, “ඔබ පවසන කිසිවක් සිදු වී නැත; ඔබ එය සිතින් මවා ගත් එකකි” යි ඔහු වෙත පිළිතුරු යැවීමි. මන්ද ඔවුන් සැමට ඕනෑ කළේ, “ඔවුන්ගේ අත්වලින් ඒ වැඩේ නවතීවි. ඒ කාරිය නො කෙරේවි” යි කියමින්, අප බිය ගන්වන්නට ය. එහෙත් අහෝ දෙවියන්වහන්ස, දැන් මගේ දෑත් සවිමත් කළ මැනව. දිනක් මම මෙහෙතබෙල්ගේ පුත්, දෙලායාගේ පුත්, ෂෙමායාගේ නිවසට ගියෙමි. ඔහු සිටියේ තම නිවසට සීමා වෙලා ය. ඔහු මා අමතමින්, “අපි දේව මාලිගය ඇතුළත දෙවියන්වහන්සේගේ ගෘහයේදී මුණගැසෙමු. අපි දේව මාලිගයේ දොරවල් වසා ගනිමු. මොකද ඔවුන් ඔබ මරන්නට එනවා. රැයේදී ඔවුන් ඔබ මරන්නට එනවා” යි පැවසී ය. එහෙත් මා කීවේ, “මා වැනි මිනිසකු පැන දුවන්න ඕනෑ ද? ජීවිතය බේරා ගැනීමට මා වැනි මිනිසකු දේව මාලිගය තුළට යා යුතු ද? මා යන්නේ නැත!” යනුවෙනි. ඔහු එවා තිබුණේ දෙවියන්වහන්සේ නො වන වගත්, ඔහු මට එරෙහිව දිවැස් වැකි පැවසුවේ ටෝබීයා හා සන්බල්ලට් ඔහු කුලියට ගත් නිසා වගත් මට තේරුම් ගියේ ය. ඔහු කුලියට ගන්නා ලද්දේ මා භය ගන්වා, එලෙස කිරීමෙන් මා ලවා පව් කරවන පිණිසත්, එමඟින් මට අවනම්බු කරන්නට මට නරක නාමයක් ගාවනු පිණිසත් ය. අහෝ මගේ දෙවියන්වහන්ස, ටෝබීයා හා සන්බල්ලට් කළ මේ දෑට අනුව ඔවුන් සිහි කළ මැනව; නෝවදියා දිවැසිවරිය ද මා භය ගන්වන්නට උත්සාහ දැරූ සෙසු දිවැසිවරුන් ද සිහි කළ මැනව. මෙසේ එලූල් මස විසිපස්වනදා, දින පනස් දෙකකදී පවුර සම්පූර්ණ කෙරිණි. අපගේ සියලු සතුරන් මේ ගැන ඇසූ කල, අවට වූ සියලු ජාතීහු භය වූහ. ඔවුන්ගේ ආත්ම විශ්වාසය නැති විය. මන්ද මේ වැඩය සම්පූර්ණ කරන ලද්දේ අපගේ දෙවියන්වහන්සේගේ උපකාරය ඇතුව වග ඔවුහු වටහා ගත්හ. තවද ඒ දවස්වල යූදාහි වංශවත්හු ටෝබීයාට බොහෝ ලිපි යැවූහ. ටෝබීයාගෙන් ද ඔවුන්ට ලිපි ලැබිණි. යූදාහි බොහෝ දෙනෙක් දිවුරුමකින් ඔහු හා බැඳී සිටියහ. මන්ද ඔහු ආරාගේ පුත් ෂෙකනියාට බෑණා ව සිටියේ ය. ඔහුගේ පුත් යෙහෝහානාන්, බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම්ගේ දියණිය ආවාහ කර ගෙන සිටියේ ය. ඔවුහු දිගට ම ඔහුගේ හොඳ වැඩ මට කියා දෙමින් සිටියහ. මා පැවසූ දේත් ඔවුහු ඔහුට දැන්වූහ. තවද මා භය ගන්වන පිණිස ටෝබීයා මට ලිපි එවී ය.
නෙහෙමි 6 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නෙහෙමි 6:1-19
3 Days
When leading small to midsized nonprofits, we often take a lot for granted. However, scandals and lawsuits happen to large nonprofits and the smaller ones. So, we have to get our house in order. Yes, we must put governance policies in place and use best practices, but we must also include GOD AND HIS INFINITE WISDOM IN LEADERSHIP!
4 Days
There comes a time in our journey of walking in our assignment when we have to make a decision. We have to decide if the opposition is going to be an opportunity or an excuse. In this devotional, we will walk through what it takes to fulfill your assignment so that you can accomplish the greater purpose to which you have been created.
5 Days
So you want to build a life for God? There is no better path one can choose than this! But you need to know what to expect when you choose this path so you are prepared for and not blind-sided by the things that come your way! This 5-day plan will show you what to expect “When Building a Life for God” from the example of a man named Nehemiah.
When we worship the King, the kingdom comes with him. This 5 day devotional is based on 5 songs from my album "Unveil". May it remind your soul of the great hope, joy, and peace that is rushing at you - this eternal reality allows you to stand in God’s kingdom, here and now.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ