නෙහෙමි 4:15-18
නෙහෙමි 4:15-18 SCV
හැම දේ අප දන්නා වග ද දෙවියන්වහන්සේ කුමන්ත්‍රණය ව්‍යර්ථ කළ වග ද අපේ සතුරන්ට අසන්නට ලැබුණු පසු, අප හැම අප එකිනෙකාට නියමිත වැඩට පවුර වෙත ආපසු ගියෙමු. ඒ දවසේ පටන් මගේ මිනිසුන්ගෙන් අඩක් ගොඩ නැගීමෙහි යෙදුන අතර අනෙක් කොටස හෙල්ල, පලිහ හා දුනු දරමින් යුද්ධ සැට්ට හැඳ සිටියහ. අධිපතීන් මුළු යූදා ජනයාට පිටුපසින් ආවරණය දෙද්දී ඔවුහු පවුර ගොඩ නැගීමේ යෙදුණහ. බර ඇද්ද අය එක් අතකින් වැඩ කළ අතර අනෙක් අතේ ආයුධයක් දැරූහ. ගොඩ නගන්නන් හැම කෙනෙක් ම වැඩ කරද්දී, තම කඩුව තම ඉඟටියේ බැඳ සිටියහ. එහෙත් බැටළු අං හොරණෑව හැඬ වූ මිනිසා සිටියේ මා ළඟිනි.

