නෙහෙමි 2:2-3
නෙහෙමි 2:2-3 SCV
එබැවින් රජු මා අමතමින්, “ඔබ අසනීපයක් නැතිව සිටියදී ඔබේ මුහුණ දුක්මුසු ව ඇත්තේ මන්ද? එය හදවතේ දුකක් මිස වෙනකක් නො වේ යැ” යි පැවසී ය. එවිට මම බොහෝ සේ භයවීමි. එහෙත් මම රජු අමතා, “රජු සදා ජීවත් වේවා! මගේ පියවරුන්ගේ සොහොන් ඇති නුවර ජරාවාස වී, එහි දොරටු ගින්නෙන් දවා දමා ඇති කල, මගේ මුහුණ දුක්මුසු නො වන්නේ කෙසේ දැ?” යි කීවෙමි.

