නීසාන් මාසයේ අර්තාෂස්තා රජුගේ විසිවන වසරේ, රජු ඉදිරිපිට මිදි යුෂ තිබියදී මම එම මිදි යුෂ ගෙන රජුට පිළිගැන්වූවෙමි. ඔහු ඉදිරියේ මා ශෝකී ස්වභාවයෙන් සිට නැත. එබැවින් රජු මා අමතමින්, “ඔබ අසනීපයක් නැතිව සිටියදී ඔබේ මුහුණ දුක්මුසු ව ඇත්තේ මන්ද? එය හදවතේ දුකක් මිස වෙනකක් නො වේ යැ” යි පැවසී ය. එවිට මම බොහෝ සේ භයවීමි. එහෙත් මම රජු අමතා, “රජු සදා ජීවත් වේවා! මගේ පියවරුන්ගේ සොහොන් ඇති නුවර ජරාවාස වී, එහි දොරටු ගින්නෙන් දවා දමා ඇති කල, මගේ මුහුණ දුක්මුසු නො වන්නේ කෙසේ දැ?” යි කීවෙමි. එවිට රජු මා අමතමින්, “මොනවද ඔබට ඕනෑ?” යි ඇසී ය. එවිට මම ස්වර්ගයේ දෙවියන්වහන්සේට යාච්ඤා කොට, රජුට මෙසේ පිළිතුරු දුනිමි. “රජු සතුටු නම්, ඔබගේ ඇස් හමුවේ ඔබේ සේවකයාට ප්‍රසාදය ලැබේ නම්, යළි එය ගොඩ නගන පිණිස, යූදාවේ මගේ පියවරුන්ගේ සොහොන් ඇති පුරවරය වෙත මා යවනු ලැබේවා” යි කීවෙමි. තම බිසව තමා පසෙක හිඳ සිටියදී, රජු මා අමතමින්, “ඔබේ ගමනට කොපමණ කල් ගත වේ ද? ඔබ ආපසු එන්නේ කවදා දැ?” යි ඇසී ය. එබැවින් මා නියමිත කාලය දැන් වූ කල රජු මා යවන්නට කැමති විය. රජු ඇමතූ මම, “රජු සතුටු වේ නම්, යූදා දක්වා යන්නට ඔවුන්ගෙන් අවසර ලැබෙන පිණිස ගඟ එතෙර පළාත් ආණ්ඩුකරුවන්ට දීමට මට ලිපි ලැබේවා. තවද රජුගේ කැලෑ බාරකරු ආසාෆ්ට ද ලිපියක් මට ලැබේවා. එවිට දේව මාලිග බළකොටුවේ දොරටු සඳහාත්, පුර පවුර සඳහාත්, මා පදිංචි වන නිවස සඳහාත් බාල්ක සෑදීමට දැව ඔහු මට සපයනු ඇතැ” යි කීවෙමි. මගේ දෙවියන්වහන්සේගේ දයාබර හස්තය මා පිට වූ බැවින් රජු මගේ ඉල්ලීම ඉටු කළේ ය. එබැවින් මම ගඟ එතෙර පළාතේ ආණ්ඩුකාරවරුන් වෙත ගොස්, රජුගේ ලියුම් ඔවුන්ට දුනිමි. රජු, හමුදා නිලධාරීන් හා අසරුවන් මා සමඟ එවා තිබිණි. ඉශ්‍රායෙල්වරුන්ගේ ශුභසාධනයට කෙනකු ඇවිත් වග ඇසූ කල, හොරොනීය සන්බල්ලට් ද අම්මොනීය ටෝබීයා නම් නිලධාරියා ද බොහෝ නො සතුටට පත් වූහ.
නෙහෙමි 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නෙහෙමි 2:1-10
4 Days
The word PURPOSE has become so common that it is no longer understood. In this study of Nehemiah Chapter 2 we will discuss the idea of purpose in a unique and uncommon way that will bring clarity and understanding to living a life of purpose.
5 Days
You're a leader whether you know it or not. You have people in your life whom you have some influence over. Through the biblical accounts of Nehemiah, this video series will help you learn to show and demonstrate the freedom you have in Christ by living and leading in grace.
Join Hillsong East Coast's online experience and walk through this corresponding plan based on Pastor Raf DaSilva's July 2021 message, "The Thin Places: Building Foundations." Read through God's Word within each devotional and reflect through guided questions for individual consideration and group discussion. We pray it encourages you to reframe your reality.
After 70 years of exile, the Jewish people return to Israel to build back what was torn down. How does Nehemiah rebuild it? How did he recruit, train, and empower the Jewish people?
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ