නෙහෙමි 11

11
යෙරුසලම යළි ජනාවාස වීම
1තවද ජනයාගේ නායකයෝ යෙරුසලමේ පදිංචි වූහ. ශුද්ධ පුරවරය වන යෙරුසලමේ පදිංචියට දස දෙනකු අතරින් එක් කෙනකු ගන්නා පිණිස සෙසු ජනයා පස ඇට දැමූහ. ඉතිරි දහයෙන් නවදෙනා සෙසු නගරවල සිටිය යුතු විය. 2යෙරුසලමේ වාසය කරන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ මිනිසුන් සියල්ලන්ට ජනයා ආශිර්වාද කළහ.
3යෙරුසලමේ පදිංචි වූ ප්‍රාදේශීය නායකයෝ මොවුහු ය; එහෙත් යූදාහි නගරවල හැම කෙනකු ම ජීවත් වූයේ තමන්ගේ නගරවල, තමන්ගේ වතු පිටිවල ය. ඉශ්‍රායෙල්වරුන්, පූජකයින්, ලෙවීවරුන්, දේව මාලිග සේවකයින් හා සාලමොන්ගේ සේවකයින්ගෙන් පැවත එන අය ඔවුහු ය. 4තවද යූදාවරුන් හා බෙන්යමින්වරුන් ඇතමෙක් ද යෙරුසලමේ පදිංචි වූහ.
යූදා පුත්‍රයෝ:
පෙරෙස්ගේ පුත්‍රයින්ගෙන් මහලලෙල්ගේ පුත්‍ර, ෂෙෆටියාගේ පුත්‍ර, අමරියාගේ පුත්‍ර, සෙකරියාගේ පුත්‍ර, උස්සියාගේ පුත්‍ර අතායා
5හා ෂේලාගේ පුත්‍රයින්ගෙන්#11:5 ෂේලාගේ පුත්‍රයින්ගෙන් හෙවත් ෂීලෝනියයාගේ පුත්‍රයින්ගෙන්, සෙකරියාගේ පුත්‍ර, යෝයාරීබ්ගේ පුත්‍ර, අදායාගේ පුත්‍ර, හසායාගේ පුත්‍ර, කොල්-හොසේගේ පුත්‍ර, බාරුක්ගේ පුත්‍ර මාසේයා.
6යෙරුසලමෙහි වාසය කළ පෙරෙස්ගෙන් පැවතෙන්නන් වන වික්‍රමාන්විත මිනිසුන්ගේ මුළු ගණන හාරසිය හැටඅට දෙනෙකි.
7බෙන්යමින් පුත්‍රයෝ:
යෙෂයියාගේ පුත්‍ර, ඊතියෙල්ගේ පුත්‍ර, මාසේයාගේ පුත්‍ර, කෝලායාගේ පුත්‍ර, පෙදායාගේ පුත්‍ර, යෝවේද්ගේ පුත්‍ර, මෙෂුල්ලාම්ගේ පුත්‍ර සල්ලූ 8සහ ඔහු පසු පස ගිය ගබ්බයි සහ සල්ලයි: මිනිසුන් නවසිය විසිඅට දෙනෙකි.
9සික්රීගේ පුත්‍ර යෝවෙල් ඔවුන්ගේ වැඩ බලන්නා වූයේ ය. පුරවරයට දෙවැනියා වූයේ#11:9 පුරවරයට දෙවැනියා වූයේ හෝ පුරවරයේ දෙවැනි කාර්තුව අධීක්ෂණය කරන්නා වූ හස්සෙනුවාගේ පුත්‍ර යූදා ය.
10පූජකයින්ගෙන්:
යෝයාරීබ්ගේ පුත්‍ර යෙදායා; යාකින්;
11දෙවියන්වහන්සේගේ ගෘහයේ පාලක අහිටූබ්ගේ පුත්‍ර, මෙරායොත්ගේ පුත්‍ර, සාදෝක්ගේ පුත්‍ර, මෙෂුල්ලාම්ගේ පුත්‍ර, හිල්කීයාගේ පුත්‍ර සෙරායා 12හා ගෘහය උදෙසා වැඩ කළ ඔවුන්ගේ සහෝදරයින් වූ මිනිසුන් අටසිය විසි දෙදෙනෙකි;
මල්කීයාගේ පුත්‍ර, පෂ්හූර්ගේ පුත්‍ර, සෙකරියාගේ පුත්‍ර, අම්සීගේ පුත්‍ර, පෙලලියාගේ පුත්‍ර, යෙරොහාම්ගේ පුත්‍ර අදායා හා 13ඔහුගේ සහෝදරයින් වූ පියවංශ ප්‍රධානීන් වන මිනිසුන් දෙසිය හතළිස් දෙදෙනෙකි;
ඉම්මේර්ගේ පුත්‍ර, මෙෂිල්ලෙමොත්ගේ පුත්‍ර, ආසයිගේ පුත්‍ර, අසරේල්ගේ පුත්‍ර අමෂ්සයි 14හා ඔහුගේ සහෝදරයින් වූ වික්‍රමාන්විත මිනිසුන් එකසිය විසිඅට දෙනෙකි;
හග්ගෙදෝලීම්ගේ පුත්‍ර සබ්දීයෙල් ඔවුන්ගේ වැඩ බලන්නා වූයේ ය.
15ලෙවීවරුන්ගෙන්:
බූන්නීගේ පුත්‍ර, හෂබියාගේ පුත්‍ර, අස්රීකාම්ගේ පුත්‍ර, හෂ්ෂූබ්ගේ පුත්‍ර ෂෙමායා;
16ෂබ්බෙතයි හා යෝසාබාද් යන ලෙවී ප්‍රධානීහු දෙවියන්වහන්සේගේ ගෘහයෙන් පිටත වැඩ බාර ව සිටියහ;
17තවද ආසාෆ්ගේ පුත්‍ර, සබ්දීගේ පුත්‍ර, මීකාගේ පුත්‍ර මත්තනියා ප්‍රශංසා නායකයා විය. ස්තුති දීම් කළෙත් ඔහු ය.
බක්බුකියා; ඔවුන්ගේ සහෝදරයින්ගේ දෙවැන්නා වූයේ ය.
යෙදූතුන්ගේ පුත්‍ර, ගාලාල්ගේ පුත්‍ර, ෂම්මුවාගේ පුත්‍ර අබ්දා.
18ශුද්ධ පුරවරයේ වූ ලෙවීවරුන්ගේ මුළු ගණන දෙසිය අසූහතර දෙනෙකි.
19දොරටු පාලකයෝ:
අක්කූබ්, ටල්මොන් හා දොරටු බලාගත් ඔවුන්ගේ සහෝදරයෝ එකසිය හැත්තෑ දෙදෙනෙකි.
20සෙසු ඉශ්‍රායෙල්වරු, පූජකයෝ හා ලෙවීයයෝ යූදා නගර සියල්ලේ තම තමන්ගේ උරුම කොටස්වල වූහ.
21දේව මාලිග සේවකයෝ ඔෆෙල්හි වාසය කළහ. සීහා හා ගිෂ්පා දේව මාලිග සේවකයින් බාර ව සිටියහ.
22යෙරුසලමෙහි වූ ලෙවීවරුන්ගේ වැඩ බලන්නා වූයේ මීකාගේ පුත්‍ර, මත්තනියාගේ පුත්‍ර, හෂබියාගේ පුත්‍ර, බානීගේ පුත්‍ර උස්සී ය. ඔහුට දෙවියන්වහන්සේගේ ගෘහ සේවයේ නියැළුණු ආසාෆ්ගෙන් පැවත එන ගායකයින් බාර විය. 23මන්ද ගායකයින්ගේ අවශ්‍යතා සඳහා දිනපතා ස්ථිර සැපයීමක් පිළිබඳ රජුගේ ආඥාවක් වූයේ ය.
24ජනතාව හා සම්බන්ධ සියලු කටයුතුවලදී රජුගේ නියෝජිතයා ව සිටියේ යූදාගේ පුත්‍ර සෙරාගෙන් පැවතෙන්නකු වූ මෙෂේසබෙල්ගේ පුත්‍ර පෙතහියා ය.
25තවද ගම් දනවු හා ඒවායේ කෙත්වත් සම්බන්ධ ව යූදා මිනිසුන්ගෙන් ඇතමෙක් කිර්යත්-අර්බා හා ඊට අයත් ගම්මානවල ද දීබොන් හා එහි ගම්මානවල ද යෙකබ්සෙයෙල් හා එහි ගම්මානවල ද වාසය කළහ. 26තවද යේෂුවාහි ද මෝලාදාහි ද බෙත්-පෙලෙත්හි ද 27හසර්-ෂූවාල්හි ද බෙයර්ෂෙබා හා එහි ගම්මානවල ද 28සික්ලග්හි ද මෙකොනා හා එහි ගම්මානවල ද 29ඒන්-රිම්මෝන්හි ද සෝරාහි ද යර්මූත්හි ද 30සානෝවා හි ද අදුල්ලාම් හා ඒවායේ ගම්මානවල ද ලාකීෂ් හා එහි කෙත්වත්වල ද අසේකා හා එහි ගම්මානවල ද වාසය කළහ. එසේ ඔවුහු බෙයර්ෂෙබා පටන් හින්නොම් මිටියාවත දක්වා කඳවුරු ගැසූහ.
31බෙන්යමින් ජනයා ද ගෙබා පටන් මික්මාස් දක්වා අය්යා, බෙතෙල් හා එහි ගම්මානවල ද 32අනාතොත්, නොබ් හා අනනියාහි ද 33හාසොර්, රාමා හා ගිත්තයිම්හි ද 34හාදීද්, සෙබොයීම් හා නෙබල්ලාට්හි ද 35ලොද් සහ ඕනෝ හා ගේ-හරාෂීම්හි#11:35 ගේ-හරාෂීම්හි එනම් කර්මාන්තකරුවන්ගේ මිටියාවතේ ද වාසය කළහ.
36යූදාහි ලෙවී කණ්ඩායම් කීපයක් බෙන්යමින් වෙත පැවැරිණි.

දැනට තෝරාගෙන ඇත:

නෙහෙමි 11: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න