නෙහෙමි 11:1-21
නෙහෙමි 11:1-21 SCV
තවද ජනයාගේ නායකයෝ යෙරුසලමේ පදිංචි වූහ. ශුද්ධ පුරවරය වන යෙරුසලමේ පදිංචියට දස දෙනකු අතරින් එක් කෙනකු ගන්නා පිණිස සෙසු ජනයා පස ඇට දැමූහ. ඉතිරි දහයෙන් නවදෙනා සෙසු නගරවල සිටිය යුතු විය. යෙරුසලමේ වාසය කරන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ මිනිසුන් සියල්ලන්ට ජනයා ආශිර්වාද කළහ. යෙරුසලමේ පදිංචි වූ ප්රාදේශීය නායකයෝ මොවුහු ය; එහෙත් යූදාහි නගරවල හැම කෙනකු ම ජීවත් වූයේ තමන්ගේ නගරවල, තමන්ගේ වතු පිටිවල ය. ඉශ්රායෙල්වරුන්, පූජකයින්, ලෙවීවරුන්, දේව මාලිග සේවකයින් හා සාලමොන්ගේ සේවකයින්ගෙන් පැවත එන අය ඔවුහු ය. තවද යූදාවරුන් හා බෙන්යමින්වරුන් ඇතමෙක් ද යෙරුසලමේ පදිංචි වූහ. යූදා පුත්රයෝ: පෙරෙස්ගේ පුත්රයින්ගෙන් මහලලෙල්ගේ පුත්ර, ෂෙෆටියාගේ පුත්ර, අමරියාගේ පුත්ර, සෙකරියාගේ පුත්ර, උස්සියාගේ පුත්ර අතායා හා ෂේලාගේ පුත්රයින්ගෙන්, සෙකරියාගේ පුත්ර, යෝයාරීබ්ගේ පුත්ර, අදායාගේ පුත්ර, හසායාගේ පුත්ර, කොල්-හොසේගේ පුත්ර, බාරුක්ගේ පුත්ර මාසේයා. යෙරුසලමෙහි වාසය කළ පෙරෙස්ගෙන් පැවතෙන්නන් වන වික්රමාන්විත මිනිසුන්ගේ මුළු ගණන හාරසිය හැටඅට දෙනෙකි. බෙන්යමින් පුත්රයෝ: යෙෂයියාගේ පුත්ර, ඊතියෙල්ගේ පුත්ර, මාසේයාගේ පුත්ර, කෝලායාගේ පුත්ර, පෙදායාගේ පුත්ර, යෝවේද්ගේ පුත්ර, මෙෂුල්ලාම්ගේ පුත්ර සල්ලූ සහ ඔහු පසු පස ගිය ගබ්බයි සහ සල්ලයි: මිනිසුන් නවසිය විසිඅට දෙනෙකි. සික්රීගේ පුත්ර යෝවෙල් ඔවුන්ගේ වැඩ බලන්නා වූයේ ය. පුරවරයට දෙවැනියා වූයේ හස්සෙනුවාගේ පුත්ර යූදා ය. පූජකයින්ගෙන්: යෝයාරීබ්ගේ පුත්ර යෙදායා; යාකින්; දෙවියන්වහන්සේගේ ගෘහයේ පාලක අහිටූබ්ගේ පුත්ර, මෙරායොත්ගේ පුත්ර, සාදෝක්ගේ පුත්ර, මෙෂුල්ලාම්ගේ පුත්ර, හිල්කීයාගේ පුත්ර සෙරායා හා ගෘහය උදෙසා වැඩ කළ ඔවුන්ගේ සහෝදරයින් වූ මිනිසුන් අටසිය විසි දෙදෙනෙකි; මල්කීයාගේ පුත්ර, පෂ්හූර්ගේ පුත්ර, සෙකරියාගේ පුත්ර, අම්සීගේ පුත්ර, පෙලලියාගේ පුත්ර, යෙරොහාම්ගේ පුත්ර අදායා හා ඔහුගේ සහෝදරයින් වූ පියවංශ ප්රධානීන් වන මිනිසුන් දෙසිය හතළිස් දෙදෙනෙකි; ඉම්මේර්ගේ පුත්ර, මෙෂිල්ලෙමොත්ගේ පුත්ර, ආසයිගේ පුත්ර, අසරේල්ගේ පුත්ර අමෂ්සයි හා ඔහුගේ සහෝදරයින් වූ වික්රමාන්විත මිනිසුන් එකසිය විසිඅට දෙනෙකි; හග්ගෙදෝලීම්ගේ පුත්ර සබ්දීයෙල් ඔවුන්ගේ වැඩ බලන්නා වූයේ ය. ලෙවීවරුන්ගෙන්: බූන්නීගේ පුත්ර, හෂබියාගේ පුත්ර, අස්රීකාම්ගේ පුත්ර, හෂ්ෂූබ්ගේ පුත්ර ෂෙමායා; ෂබ්බෙතයි හා යෝසාබාද් යන ලෙවී ප්රධානීහු දෙවියන්වහන්සේගේ ගෘහයෙන් පිටත වැඩ බාර ව සිටියහ; තවද ආසාෆ්ගේ පුත්ර, සබ්දීගේ පුත්ර, මීකාගේ පුත්ර මත්තනියා ප්රශංසා නායකයා විය. ස්තුති දීම් කළෙත් ඔහු ය. බක්බුකියා; ඔවුන්ගේ සහෝදරයින්ගේ දෙවැන්නා වූයේ ය. යෙදූතුන්ගේ පුත්ර, ගාලාල්ගේ පුත්ර, ෂම්මුවාගේ පුත්ර අබ්දා. ශුද්ධ පුරවරයේ වූ ලෙවීවරුන්ගේ මුළු ගණන දෙසිය අසූහතර දෙනෙකි. දොරටු පාලකයෝ: අක්කූබ්, ටල්මොන් හා දොරටු බලාගත් ඔවුන්ගේ සහෝදරයෝ එකසිය හැත්තෑ දෙදෙනෙකි. සෙසු ඉශ්රායෙල්වරු, පූජකයෝ හා ලෙවීයයෝ යූදා නගර සියල්ලේ තම තමන්ගේ උරුම කොටස්වල වූහ. දේව මාලිග සේවකයෝ ඔෆෙල්හි වාසය කළහ. සීහා හා ගිෂ්පා දේව මාලිග සේවකයින් බාර ව සිටියහ.

