නෙහෙමි 1:5-11

නෙහෙමි 1:5-11 SCV

මම මෙසේ පැවසීමි: “අහෝ ස්වාමින්වහන්ස, ස්වර්ගයේ දෙවියන්වහන්ස, ඔබට ප්‍රේම කරන, ඔබගේ ආඥා පිළිපදින අය සමඟ තම නොමියෙන ප්‍රේමයේ ගිවිසුම පවත්වන උතුම් වූ, භයංකර වූ දෙවියන්වහන්ස, ඔබගේ සේවක මා, දැන් ඔබගේ සේවකයින් වන ඉශ්‍රායෙල් ජනයා උදෙසා දහවලේ හා රාත්‍රියේ ඔබ ඉදිරියේ කරන කන්නලව්වට ඔබගේ සවන් යොමු කර, දෙනෙත් විවර කර, ඇසුව මැනව. ඉශ්‍රායෙල් අපි ඔබවහන්සේට එරෙහිව කළ පාප, මම කියා දෙමින්, මා ද මගේ පියාගේ ගෘහවාසී සියල්ලන් ද පව් කර ඇත. ඔබට එරෙහිව අප හැසිරී ඇත්තේ අති දූෂිත අයුරිනි. ඔබගේ සේවක මෝසෙස්ට ඔබ අණ කළ ආඥා, නියෝග හා නියමයන් අප රක්ෂා කළේ නැත. “ඔබගේ සේවක මෝසෙස්ට ඔබ කී මේ වචන සිහි කරන්න: ‘ඔබ අවිශ්වාසවන්ත වූවොත්, මම ඔබ ජනයින් අතර විසුරුවන්නෙමි. එහෙත් ඔබ මා වෙත හැරී අවුත්, මගේ ආඥා රක්ෂා කර, ඒවා පිළිපදින්නේ නම්, ඔබ පිටුවහල් ව සිටින ජනයා අතරින් අහසින් යට ඈත කෙළවර සිටියත්, එතැනින් මම ඔවුන් රැස් කර, මගේ නාමය වාසය කරවීමට මා තෝරාගත් ස්ථානය වෙත මම ඔවුන් ගෙනෙන්නෙමි.’ “ඔබගේ බලවත් ශක්තියෙන් ද ඔබගේ ප්‍රබල හස්තයෙන් ද ඔබ ගලවා ගත් ඔවුන් ඔබගේ සේවකයින් ය; ඔබගේ ජනතාව ය. අහෝ ස්වාමිනි, ඔබගේ සේවක මා කරන මේ යාච්ඤාවටත්, ඔබගේ නාමයට භය-පක්ෂවීමට ප්‍රීති වන ඔබගේ සේවකයින්ගේ යාච්ඤාවටත් ඔබගේ අවධානය යොමු වේවා! මේ මනුෂ්‍යයාගේ ඇස් හමුවේ දයාව පෑමෙන් අද දවසේ ඔබගේ සේවකයා සඵල කළ මැනව.” එකල රජුගේ කුසලාන දරන්නා ව සිටියේ මා ය.

මෙයට අදාළ වීඩියෝ

නෙහෙමි 1:5-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය