මාර්ක් 9:25-29

මාර්ක් 9:25-29 SCV

සමූහයා එක් ව දුවගෙන එනු දුටු යේසුස්වහන්සේ, අපවිත්‍ර ආත්මයට තරවටු කරමින්, “ගොළු බිහිරි ආත්මය, මොහුගෙන් ඉවතට එනු; යළි කිසි දින ඔහුට ඇතුළු නො වනු කියා මම නුඹට අණ කරමි” යි පැවසූ සේක. එවිට ඌ කෑ ගසා, සැහැසි ව දරුවා වෙවුලවා, පිටතට ආයේ ය. දරුවා මළකඳක් සේ විය. “ඔහු මැරිලා” යි බොහෝ දෙනෙක් කීහ. එහෙත් යේසුස්වහන්සේ ඔහුගේ අතින් අල්ලා, එසවූ කල ඔහු සිට ගත්තේ ය. උන්වහන්සේ නිවසට පිවිසි කල ගෝලයෝ, “අපට ඌ දුරු කළ නො හැකි වූයේ ඇයි දැ?” යි පෞද්ගලික ව උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ වර්ගය යාච්ඤාවෙන් මිස, අන් හැටියකින් දුරු කළ හැකි නො වේ” යි පැවසූ සේක.

මෙයට අදාළ වීඩියෝ