මාර්ක් 9:25-27
මාර්ක් 9:25-27 SCV
සමූහයා එක් ව දුවගෙන එනු දුටු යේසුස්වහන්සේ, අපවිත්‍ර ආත්මයට තරවටු කරමින්, “ගොළු බිහිරි ආත්මය, මොහුගෙන් ඉවතට එනු; යළි කිසි දින ඔහුට ඇතුළු නො වනු කියා මම නුඹට අණ කරමි” යි පැවසූ සේක. එවිට ඌ කෑ ගසා, සැහැසි ව දරුවා වෙවුලවා, පිටතට ආයේ ය. දරුවා මළකඳක් සේ විය. “ඔහු මැරිලා” යි බොහෝ දෙනෙක් කීහ. එහෙත් යේසුස්වහන්සේ ඔහුගේ අතින් අල්ලා, එසවූ කල ඔහු සිට ගත්තේ ය.

