මාර්ක් 7
7
සම්ප්‍රදායයන් ගැන විවාදයක්
1පරිසිවරු හා යෙරුසලමෙන් පැමිණි දහම් පඬිවරු ඇතැම් දෙනෙක් උන්වහන්සේ වෙත රැස් වූ කල, 2උන්වහන්සේගේ ගෝලයන්ගෙන් ඇතැම් දෙනකු අපවිත්‍ර අත්වලින්, එනම් අත් නො සෝදා අහර ගන්නා වග දුටුවහ. 3පරිසිවරුන් හා සියලු යුදෙව්වරුන්, වැඩිහිටියන්ගේ සම්ප්‍රදාය අනුව තම අත් සෝදා මිස, අහර ගන්නේ නැත. 4තවද වෙළඳ පොළේ සිට ආ විටෙක සෝදා මිස, ඔවුන් අහර ගන්නේ නැත. කෝප්ප, වළං හා ලෝහ භාජන සේදීම වැනි ඔවුන් පිළිපදින තවත් සම්ප්‍රදායයන් බොහොමයක් වෙයි.
5එහෙයින් පරිසිවරු හා දහම් පඬිවරු උන්වහන්සේ අමතමින්, “ඔබගේ ගෝලයින් වැඩිහිටියන්ගේ සම්ප්‍රදායයන් අනුව නො පැවත, අපවිත්‍ර අත්වලින් අහර ගන්නේ ඇයි දැ?” යි ප්‍රශ්න කළහ.
6උන්වහන්සේ පිළිතුරු දෙමින්, “වංචනිකයින් වූ නුඹලා ගැන යෙසායා දිවැසි වැකියෙන් කියා ඇති දෑ අගෙයි; එය ලියවී ඇත්තේ මෙසේයි:
“ ‘මේ ජනයා තම තොල්වලින් මට ගෞරව කරති;
එහෙත් ඔවුන්ගේ හදවත්, මා වෙතින් බොහෝ ඈත ය.
7මිනිසුන්ගේ ආඥා, ධර්මය ලෙස උගන්වමින්,
ඔවුන් මට නමස්කාර කරන්නේ නිකරුණේ ය.’#7:7 යෙසා 29;13
8නුඹලා දෙවියන්වහන්සේගේ ආඥා ඉවත ලා, මිනිසුන්ගේ සම්ප්‍රදායයන්වල එල්ලෙනවා යැ” යි පැවසූ සේක.
9තවද උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබේ සම්ප්‍රදායයන් ස්ථාපිත කර ගන්නට දෙවියන්වහන්සේගේ ආඥා ප්‍රතික්ෂේප කිරීමට අපූරු මාර්ගයක්නේ ඔබට තියෙන්නේ. 10මන්ද මෝසෙස් පවසා ඇත්තේ, ‘ඔබේ පියාටත්, ඔබේ මවටත් ගෞරව කරන්න’#7:10 නික්ම 20;12; ද්වි 5;16 කියා හා ‘තම පියාට හෝ මවට ශාප කරන කවරකු වුව මරණයට පත් කළ යුතු ය’#7:10 නික්ම 21:17; ලෙවී 20;9 කියා ය. 11එහෙත් නුඹලා කියන්නේ මිනිසකු තම පියාට හෝ මවට කතා කොට, ‘ඔබට දෙන්නට තිබෙන යමක් වේ ද, එය කොර්බාන්’ (එනම් දෙවියන්වහන්සේට කැප කළ පඬුරකි) කියයි නම්, 12එතැන් පටන් ඔහුගේ පියාට හෝ මවට කිසි ම දෙයකින් උදවු කිරීමට නුඹලා ඉඩ දෙන්නේ නැත. 13මෙලෙස නුඹලා ම පවරනු ලබන නුඹලාගේ සම්ප්‍රදායයන් උදෙසා දෙවියන්වහන්සේගේ වචනය අවලංගු කරන නුඹලා තවත් මෙවැනි බොහෝ දෑ ද කරති” යි පැවසූ සේක.
14යළි ජන සමූහයා තමන් වෙත කැඳවූ උන්වහන්සේ ඔවුන් අමතා, “ඔබ සැවොම මට සවන් දී, මෙය තේරුම් ගන්න! 15පිටතින් මිනිසා තුළට ඇතුළු වන කිසි දෙයකට ඔහු අපවිත්‍ර කළ නො හැක. ඔහු අපවිත්‍ර කෙරෙන්නේ, ඔහු තුළින් පිටවන දෙයිනි. 16අසන්නට කන් ඇත්තේ කවරකුට ද, ඔහු අසත්වා!#7:16 ඇතැම් පුරාණ අත් පිටපත්වල මෙම පදය ඇතුළත් නො වේ.” යි පැවසූ සේක.
17උන්වහන්සේ ජනයා වෙතින් ඉවත් ව, නිවසට ඇතුළු වූ පසු, ගෝලයෝ උන්වහන්සේගෙන් එම උපමාව ගැන විමසූහ. 18එවිට උන්වහන්සේ, “තවමත් ඔබට වැටහෙන්නේ නැති ද? පිටතින් මිනිසා තුළට ඇතුළු වන කිසිවකට ඔහු අපවිත්‍ර කළ නො හැකි වග ඔබට පෙනෙන්නේ නැති ද? 19ඒවා ඇතුළු වන්නේ ඔහුගේ හදවතට නො ව, උදරයටයි; පසුව එය වැසිකිළියට බැහැර ව යතැ” යි ඔවුන්ට කී සේක. (මෙසේ කීමෙන් යේසුස්වහන්සේ ප්‍රකාශ කළේ සෑම ආහාරයක් ම පවිත්‍ර බව ය.)
20තවද උන්වහන්සේ, “කෙනකු අපවිත්‍ර කෙරෙන්නේ ඔහු තුළින් පිටවන දෙයින් ම ය. 21මන්ද දුෂ්ට සිතුවිලි, ලිංගික අපචාර, සොරකම්, මිනී මැරුම්, පරදාර සේවනය, 22තණ්හාව, දුෂ්ටකම, වංචාව, අනුරාගය, ඊර්ෂ්‍යාව, නින්දා අපහාස, උඩඟුකම හා මෝඩකම යන දෑ පැමිණෙන්නේ ඇතුළාන්තයෙනි; මිනිසාගේ හදවතෙනි. 23මේ සියලු නපුරු දෑ එන්නේ ඇතුළාන්තයෙන් ය; ඒවායින් මිනිසා අපවිත්‍ර වන්නේ යැ” යි පැවසූ සේක.
සිරෝ-පිනිසියානු ස්ත්‍රියගේ ඇදහිල්ල
24යේසුස්වහන්සේ එතැනින් පිටත් ව, තීර්#7:24 බොහෝ අත් පිටපත්වල තීර් හා සීදොන් ලෙස සඳහන් වේ. පෙදෙසට පැමිණි සේක්, නිවසකට පිවිසි සේක. කිසිවකුත් එය දැන ගන්නවාට උන්වහන්සේ කැමති නො වූ නමුත්, සැඟවී සිටීමට උන්වහන්සේට නො හැකි විය. 25අපවිත්‍ර ආත්මයක් ආවේශ වූ කුඩා දියණියක සිටි ස්ත්‍රියක් උන්වහන්සේ ගැන ඇසූ කෙණෙහි පැමිණ, උන්වහන්සේගේ පාමුල වැටුණා ය. 26සිරෝ-පිනිසියානු ග්‍රීක ස්ත්‍රියක වූ ඈ, තම දියණියගෙන් යක්ෂාත්මය දුරු කර දෙන මෙන් උන්වහන්සේගෙන් අයැද සිටියා ය.
27ඇය ඇමතූ උන්වහන්සේ, “පළමු ව දරුවෝ කා තෘප්තියට පැමිණෙත්වා. දරුවන්ගේ රොටි ගෙන, බල්ලන්ට දැමීම යුතු නැතැ” යි කී සේක.
28ඈ පිළිතුරු දෙමින්, “එසේය ස්වාමිනි, එහෙත් බල්ලෝ වුවත් දරුවන්ගෙන් වැටෙන අහර කැබලි මේසය යට සිට අවුළා කති” යි උන්වහන්සේට කීවා ය.
29එවිට උන්වහන්සේ, “ඔබගේ ඒ කියමන නිසා යන්න; ඔබේ දියණිය වෙතින් යක්ෂාත්මය දුරුව ගියේ යැ” යි පැවසූ සේක.
30ඈ පෙරළා නිවසට පැමිණි කල, ඇගේ දියණිය සයනයේ වැතිර සිටිනු දුටුවා ය. යක්ෂාත්මය දුරු වී තිබිණි.
වික්කල් බිහිරකුට සුවය
31ඉන්පසු උන්වහන්සේ තීර් පෙදෙසින් නික්ම, සීදොන් මැදින් ගොස්, දෙකපොලිස් පෙදෙසේ ගලීල මුහුද වෙත පැමිණි සේක. 32ඔවුහු යේසුස්වහන්සේ වෙත, බිහිරි වූ ද කතා කිරීමට අපහසු වූ ද මිනිසකු ගෙනැවිත්, ඔහුට අත ගසන මෙන් අයැදියහ.
33සමූහයා වෙතින් ඔහු වෙන් කර, ඉවතට ගත් උන්වහන්සේ ඔහුගේ කන් තුළ තම ඇඟිලි දමා, කෙළ ගසා, ඔහුගේ දිව ස්පර්ශ කළ සේක්, 34ස්වර්ගය දෙස බලා දිගු සුසුමක් හෙළා, “එප්පාතා!” යි ඔහුට පැවසූ සේක. එහි අරුත “විවර වනු!” යන්න ය. 35එවිට ඒ මිනිසාගේ කන් ඇරුණේ ය. දිවේ ගොතය ලිහුණේ ය. ඔහු සාමාන්‍ය ලෙස කතා කරන්නට වන්නේ ය.
36කිසිවකුට එය නො කියන ලෙස යේසුස්වහන්සේ ඔවුන්ට අණ කළ සේක. එහෙත් උන්වහන්සේ තහනම් කළ පමණට වඩා වැඩි උනන්දුවෙන් ඔවුහු එය පතළ කළහ. 37මෙයින් අතිශය විස්මයට පත් ඔවුහු, “මෙතුමා කරන හැම දෙයක් ම අපූරුයි; එතුමා බිහිරන්ට ඇසෙන්නට සලස්වා, ගොළුවන්ට කතා කරන්නට සලස්වන සේකැ” යි පැවසූහ.
දැනට තෝරාගෙන ඇත:
මාර්ක් 7: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: