මාර්ක් 2:10-12

මාර්ක් 2:10-12 SCV

එනමුත් පොළොවේදී පාප කමා කිරීමට මනුෂ්‍ය-පුත්‍රයාට බලය ඇති බව ඔබ දැනගන්නා පිණිස යැ” යි කී උන්වහන්සේ අංසබාග රෝගියා අමතා, “නැගිට ඔබේ යහන රැගෙන, ගෙදර යන ලෙස මම ඔබට අණ කරමි” යි පැවසූ සේක. ඔවුන් සැවොම බලා සිටියදී ඔහු නැගිට, එකෙණෙහි ම තමන් වැතිර සිටි යහනත් ගෙන ඇවිද ගියේ ය. සියල්ලෝ විස්මපත් ව, “මේ වගේ දෙයක් අප කිසිදාක දැක නැතැ!” යි කියමින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.

මාර්ක් 2:10-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය