මාර්ක් 13:11-13
මාර්ක් 13:11-13 SCV
ඔබ අත්අඩංගුවට ගෙන, විභාගයට ඉදිරිපත් කරන කල, කිව යුත්තේ කුමක් ද යන්න ගැන සිතා කනස්සලු නො වන්න. ඔබ කිව යුතු දෑ ඒ පැයේදී ඔබට දෙනු ලැබේ. මන්ද කතා කරන්නේ ඔබ නො ව, ශුද්ධාත්මයාණන්වහන්සේ ය. “සහෝදරයෙක් සහෝදරයකු ද පියා තම දරුවා ද මරණයට පාවා දෙනු ඇත. තවද දරුවන් තම දෙමවුපියනට එරෙහිව නැගිට, ඔවුන් මරණයට පත් කරනු ඇත. මගේ නාමය නිසා සැවොම ඔබට වෛර කරනු ඇත. එහෙත් අවසානය දක්වා නො සැලී ස්ථිර ව සිටින්නා, ගලවනු ලබනු ඇත.

