මාර්ක් 13:1-8
මාර්ක් 13:1-8 SCV
උන්වහන්සේ දේව මාලිගයෙන් නික්ම යද්දී, උන්වහන්සේගේ ගෝලයන්ගෙන් කෙනෙක්, උන්වහන්සේට, “බලන්න ගුරුතුමනි, මොන තරම් අපූරු ගල් ද! මොන තරම් අපූරු ගොඩනැගිලි දැ!” යි කීවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ විශාල ගොඩනැගිලි ඔබට පෙනෙනවා නො වේ ද? ගලක් පිට ගලක් නො තිබෙන සේ, හැම එකක් ම බිඳ දමා පොළොවට සමතලා කරනු ඇතැ” යි පැවසූ සේක. උන්වහන්සේ දේව මාලිගය ඉදිරියේ ඔලීව කන්දේ වාඩි වී සිටියදී, පේතෘස්, යාකොබ්, යොහන් හා අන්දෘ උන්වහන්සේට පුද්ගලික ව කතා කොට, “කියන්න අපට, මේ දේවල් සිදු වන්නේ කවරදා ද? ඒවා ඉටු වීමට යන කල, ඇති වන පෙර නිමිත්ත කුමක් දැ?” යි ඇසූහ. යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “කිසිවකු ඔබ මුළා නො කරන ලෙසට වග බලා ගන්න; බොහෝ දෙනෙක් මගේ නාමයෙන් අවුත්, ‘උන්වහන්සේ මමයි!’ කියා ගනිමින් බොහෝ දෙනකු මුළා කරනු ඇත. යුද්ධ හා යුද්ධ ගැන ආරංචි ඔබට අසන්නට ලැබෙන විට තැති ගන්න එපා. මේ දේවල් සිදු විය යුතුයි; එහෙත් තවමත් අවසානය නො වේ. මන්ද ජාතියකට එරෙහිව ජාතියක් ද රාජ්‍යයකට එරෙහිව රාජ්‍යයක් ද නැගී සිටිනු ඇත. නොයෙක් තැන්හි භූමිකම්පා ඇති වෙයි; සාගත ද ඇති වෙයි. මේවා ප්‍රසව වේදනාවේ පටන් ගැන්මයි.

