මාර්ක් 11:7-11

මාර්ක් 11:7-11 SCV

ඔවුහු බූරු වස්සා යේසුස්වහන්සේ වෙත ගෙන අවුත්, ඌ පිට තමන්ගේ උඩු කබා අතුළහ. උන්වහන්සේ ඌ පිට හිඳගත් සේක. එවිට බොහෝ දෙනෙක් තම උඩු කබා ද අනෙක් අය වතුවලින් කපා ගත් කොළ අතු ද මග අතුළෝ ය. උන්වහන්සේ පෙරටුවෙන් ද පසුපසින් ද ගමන් කළ අය මහ හඬ නැගුවෝ ය, “හෝසන්නා!” “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!” “අප පිය වූ දාවිත්ගේ මතු පැමිණෙන රාජ්‍යය ආශිර්වාදිත ය!” “ඉතාම උසස් තැන්හි හෝසන්නා!” උන්වහන්සේ යෙරුසලමට පැමිණ, දේව මාලිගයට ඇතුළු ව එහි වූ සියල්ල දෙස බලා, ඒ වන විටත් සවස් ව තිබූ බැවින්, දොළොස් දෙනා ද කැටිව බෙතානිය බලා ගිය සේක.

මාර්ක් 11:7-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය