මාර්ක් 11:23-26
මාර්ක් 11:23-26 SCV
සැබවින් ම මා ඔබට කියන්නේ, යමෙක් මේ කන්දට කතා කොට, ‘ඉදිරී ගොස්, මුහුදේ වැටෙනු’ කියා, ඔහුගේ හදින් සැක නො කොට, තමන් අණ කළ දෙය එලෙසින් ම සිදු වෙතැයි විශ්වාස කරන්නේ නම්, ඔහු කියන දේ සිදු වේ. එය ඔහුට ඉටු කර දෙනු ලැබේ. එබැවින් මා ඔබට කියන්නේ, ඔබ යාච්ඤාවෙන් ඉල්ලන කවර දෙයක් වුව, ඔබට ලැබුණේ යැයි විශ්වාස කරන්න; එය ඔබට ම වන්නේ ය. ඔබ යාච්ඤා කරන්නට සිටගන්නා විට, යමකුට විරුද්ධ ව යම් දෙයක් ඇත්නම්, ස්වර්ගයේ වෙසෙන ඔබගේ පියාණන්වහන්සේත් ඔබේ වැරදි කමා කරන පිණිස, ඔහුට කමාව දෙන්න. එහෙත් ඔබ කමා නො කරන්නේ නම්, ස්වර්ගයේ සිටින පියාණන්වහන්සේ ද ඔබේ වැරදි කමා නො කරන සේකැ” යි කී සේක.







