එහෙත් ප්‍රථමයින් බොහෝ දෙනෙක් අන්තිමයින් ද අන්තිමයින් ප්‍රථමයින් ද වනු ඇතැ” යි කී සේක. ඔවුහු යෙරුසලම බලා යමින් සිටියහ. යේසුස්වහන්සේ ඔවුන්ට පෙරටුවෙන් ගමන් ගත් සේක. ගෝලයින් පුදුමයට පත් ව සිටි අතර, පසු පස ගමන් කළ අය බියපත් ව සිටියහ. උන්වහන්සේ යළි දොළොස් දෙනා පසෙකට කැඳවා, තමාට සිදුවන්ට යන දේ ගැන ඔවුන්ට පැවසූ සේක. “අප දැන් යන්නේ යෙරුසලමටයි. එහිදී මනුෂ්‍ය පුත්‍රයා නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතට පාවා දෙනු ලබයි. ඔවුහු, උන්වහන්සේ මරණයට තීන්දු කර, විදේශීන් අතට පාවා දෙනු ඇත. ඔවුන් උන්වහන්සේට සරදම් කොට, කෙළ ගසා, කස පහර දී, මරා දමනු ඇත. තුන් දවසකට පසු උන්වහන්සේ නැගිටිනු ඇතැ” යි පැවසූ සේක. සෙබදීගේ පුත්‍රයින් වූ යාකොබ් හා යොහන් උන්වහන්සේ වෙත පැමිණ, “ගුරුතුමනි, ඔබගෙන් අප ඉල්ලන කවර දෙයක් වුව ඔබ අපට කර දෙනවාට කැමැත්තෙමු” යි කීහ. උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබට ඕනෑ මා ඔබට කුමක් කර දෙනවාට දැ?” යි ඇසූ සේක. එවිට ඔවුහු, “ඔබගේ තේජසේදී අපගෙන් කෙනකු ඔබගේ දකුණු පසින් ද අනෙකා වම් පසින් ද හිඳගන්නට වර දෙන්නැ” යි ඉල්ලූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ ඉල්ලන්නේ කුමක් ද කියා ඔබ දන්නේ නැත. මා බොන කුසලාන බොන්නට හෝ මා බව්තීස්ම කරනු ලබන බව්තීස්මයෙන් ඔබටත් බව්තීස්මය ලබන්නට පුළුවන් දැ?” යි ඇසූ සේක. “අපට පුළුවනැ” යි ඔවුහු උන්වහන්සේට කීහ. යේසුස්වහන්සේ ඔවුන් අමතා, “මා බොන්නා වූ කුසලානෙන් ඔබත් බොනු ඇත. මා බව්තීස්ම කරනු ලබන්නා වූ බව්තීස්මයෙන් ඔබත් බව්තීස්ම ලබනු ඇත. එහෙත් මගේ දකුණු පස හෝ වම් පස හිඳ ගැනීමට දීම මා සතුවූවක් නො වේ. ඒ ස්ථාන සූදානම් කර ඇත්තේ යමකුට ද ඒවා ඔවුනට යැ” යි පැවසූ සේක. දහ දෙනා ඒ වග ඇසූ කල යාකොබ් හා යොහන් සමඟ උරණ වූහ. යේසුස්වහන්සේ ඔවුන් තමා වෙත කැඳවා, “අන්‍ය-ජාතිකයින්ගේ පාලකයෝ, ඔවුන් කෙරෙහි බලය පාන බව ඔබ දනී. ඔවුන්ගේ උසස් නිලතල දරන්නෝ ඔවුන්ට අධිපතිකම් පාති. එහෙත් ඔබ අතරේ එසේ නො විය යුතුයි. ඔබ අතරේ උත්තමයා වන්නට කැමති තැනැත්තා, ඔබගේ සේවකයා විය යුතුයි. ඔබ අතරේ මූලිකයා වෙන්නට කැමති තැනැත්තා, ඔබගේ දාසයා විය යුතුයි. මන්ද මනුෂ්‍ය පුත්‍රයාණන් පවා පැමිණියේ, සේවය ලබන්නට නො ව, සේවය කිරීමටත්, බොහෝ දෙනා උදෙසා වන්දියක් වශයෙන් තම ජීවිතය දීමටත් යැ” යි පැවසූ සේක.
මාර්ක් 10 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: මාර්ක් 10:31-45
3 Days
How far will you go to serve your neighbor? What does it look like to love your friends? What does it mean to be a disciple of Christ? In this three-day YouVersion plan, we will dive into what it means to live with truly Christlike love.
Jesus asks a lot from his followers. He asks for commitment and He sets the bar high. In this plan, you will work with this theme in a few days. What does the Bible say? What does Jesus say and how can you practise this?
4 Days
Rescue gives men the start they need to find new spiritual life through the relationships God has waiting for them. Scripture is clear: we’re meant to be together, to do life together, to care for one another, to be united with God and with others. When we are united, then we are safe, strong, free—rescued for good.
This reading plan takes you through some of the themes in Season 1, Episode 7 of The Chosen: Invitations. Reflect, dive into the Bible, and enjoy what Jesus has to say to you.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ