මාර්ක් 1:9-13

මාර්ක් 1:9-13 SCV

එදවස්හි යේසුස්වහන්සේ ගලීලයේ නාසරෙත් සිට පැමිණ, යොහන්ගෙන් යොර්දානයේදී බව්තීස්මය ලැබූ සේක. උන්වහන්සේ දියෙන් ගොඩවෙත් ම, එකෙණෙහි ම, ස්වර්ගය විවර ව ආත්මයාණන් පරෙවියකු ලෙස තමා වෙත බැස එනු දුටු සේක. තවද අහසින් නික්මුණු කටහඬක්, “මගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි; ඔබ කෙරේ මම ඉතා ප්‍රසන්න ව සිටිමි” යි පැවසී ය. එකෙණෙහි ආත්මයාණන්වහන්සේ, පාළුකරයට උන්වහන්සේ පිටත් කළ සේක. සාතන් විසින් පරීක්ෂා කරනු ලබමින්, උන්වහන්සේ දවස් හතළිහක් පාළුකරයේ සිටි සේක. උන්වහන්සේ වන සතුන් අතරේ සිටි සේක්, දේව දූතයෝ උන්වහන්සේට සත්කාර කළහ.