මාර්ක් 1:9-12

මාර්ක් 1:9-12 SCV

එදවස්හි යේසුස්වහන්සේ ගලීලයේ නාසරෙත් සිට පැමිණ, යොහන්ගෙන් යොර්දානයේදී බව්තීස්මය ලැබූ සේක. උන්වහන්සේ දියෙන් ගොඩවෙත් ම, එකෙණෙහි ම, ස්වර්ගය විවර ව ආත්මයාණන් පරෙවියකු ලෙස තමා වෙත බැස එනු දුටු සේක. තවද අහසින් නික්මුණු කටහඬක්, “මගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි; ඔබ කෙරේ මම ඉතා ප්‍රසන්න ව සිටිමි” යි පැවසී ය. එකෙණෙහි ආත්මයාණන්වහන්සේ, පාළුකරයට උන්වහන්සේ පිටත් කළ සේක.