මීකා 7:7-9
මීකා 7:7-9 SCV
එහෙත් මම, ස්වාමින්වහන්සේ ගැන බලා සිටින්නෙමි. මගේ ගැලවීමේ දෙවියන්වහන්සේ ගැන බලා හිඳින්නෙමි. මගේ දෙවියන්වහන්සේ මට සවන් දෙන සේක. මගේ සතුරනි, මගේ වැටීම ගැන සොම්නසින් නො බලනු! මා වැටී සිටිය ද, මම නැගිටින්නෙමි. මා අඳුරේ හිඳ සිටිය ද, ස්වාමින්වහන්සේ මට ආලෝකය වන සේක. උන්වහන්සේට එරෙහිව මා පව් කළ බැවින්, මම ස්වාමින්වහන්සේගේ උදහස දරන්නෙමි. ඒ, උන්වහන්සේ මා වෙනුවෙන් කතා කොට, මට යුක්තිය ඉටු කර දෙන තෙක් ය. උන්වහන්සේ ආලෝකයට මා ගෙන එන සේක; මම උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දකින්නෙමි.



