මීකා 7:11-20

මීකා 7:11-20 SCV

ඔබගේ පවුරු ගොඩ නගන දවසකි! ඒ දවසේ ඔබගේ දේශ සීමා පුළුල් කෙරේ. ඒ දවසේ අසිරියාවේ සිට ඊජිප්තුවේ පුර නගර දක්වා, ඊජිප්තුවේ සිට ගංගාව දක්වා, ඒ මුහුදේ සිට මේ මුහුද දක්වා, ඒ කන්දේ සිට මේ කන්ද දක්වා ජනී ජනයා ඔබ වෙත එන්නෝ ය. මහ පොළොව ජනශූන්‍ය ව යන්නේ ය; එසේ වන්නේ පොළෝ වාසීන් නිසා ය; ඔවුන්ගේ ක්‍රියාවල ඵලවිපාක නිසා ය. සරු තණ බිම් මධ්‍යයේ වනාන්තරයක හුදකලාව වෙසෙන ඔබගේ ජනයා ඔබගේ කෙවිට යටතේ රැක-බලාගන්න; ඔබගේ උරුමයේ බැටළු රංචුව ඔවුන් ය. ඈත අතීත සමයේ මෙන් බාෂාන්හි ද ගිලියාද්හි ද ඔවුහු පෝෂණය ලබත්වා! “ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ පැමිණි දවස්හි දී මෙන් මගේ ආශ්චර්යයන් මම ඔවුනට පෙන්වමි.” ජාතීන් ඒ දැක, තමන්ගේ සියලු බලයේ නොවැදගත්කම ගැන ලජ්ජා වී, තම මුඛ තම අත්වලින් වසා ගනිති. ඔවුන්ගේ කන් බිහිරි ව යනු ඇත. පොළොවේ බඩ ගා යන උරගයින් සේ, සර්පයකු සේ ඔවුන් පොළොවේ දූලි ලෙවකනු ඇත. ඔවුන් ඔවුන්ගේ ගුහා තුළින් වෙවුලමින් පිටතට එනු ඇත; අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ඔවුන් හැරෙන්නේ භීතියෙනි. ඔවුන් ඔබට ද බිය වනු ඇත. ස්වකීය උරුමයේ ඉතිරි ස්වල්පදෙනාගේ පාප කමා කොට, ඔවුන්ගේ අයුතුකමින් ඔවුන් නිදොස් කරන, ඔබ හා සමාන අන් දෙවියන්වහන්සේ කෙනකු කවුරු ද? ඔබවහන්සේ සදහට ම කෝපයෙන් නො සිටින සේක; ප්‍රේමය දැක්වීමට සොම්නස් වන සේක. ඔබවහන්සේ යළිත් අපට අනුකම්පා පානා සේක්, අපගේ පාප ඔබේ පයින් පාගා, අපේ සියලු අයුතුකම් මුහුදු-ගැඹුරේ හෙළන සේක. ඈත අතීත සමයේ අපේ ආදි පියවරුන්ට දිවුරුමකින් ඔබ ම ශපථ කළ පරිදි, ඔබවහන්සේ යාකොබ්ට විශ්වාසවන්ත වී, ආබ්‍රහම්ට දයාව පානා සේක.

මීකා 7 කියවන්න

මෙයට අදාළ වීඩියෝ

මීකා 7:11-20 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය