මීකා 6:9-11
මීකා 6:9-11 SCV
ස්වාමින්වහන්සේගේ කටහඬ පුරවරය හඬ නංවයි. ඔබගේ නාමයට භය වීමට ප්‍රඥාවත් නාදයකි එය. “කෙවිටට හා එය නියම කළ තැනැත්තාණන්ට, සවන් දෙන්න. දුෂ්ටකමේ නිවසේ දුෂ්ටකමේ වස්තුවත්, ශාප ලත් හොර-මැනුම් භාජනත් තවදුරටත් අමතක කළ හැකි ද? වංචනික තරාදි හා හොර කිරුම් පඩි ගොන්නක් ඇති මිනිසා මම නිදොස් කර යවම් ද?

