උන්වහන්සේ එසේ පවසද්දී, එතැනට පැමිණි පාලකයෙක් උන්වහන්සේ අබියස දණින් වැටී, “මගේ දුව මේ දැන් මියැදුණා. එහෙත් ඔබතුමා අවුත්, ඇය පිට ඔබේ අත තැබුවොත්, ඇය ජීවත් වනු ඇතැ” යි කීවේ ය. එවිට යේසුස්වහන්සේ නැගිට, තම ගෝලයින් ද සමඟ ඔහු අනුව ගිය සේක. ඒ අතර මෙන්න, පුරා දොළොස් වසරක් කිලිමාලයෙන් පෙළුණු ස්ත්‍රියක් උන්වහන්සේ පිටුපසින් අවුත්, උන්වහන්සේගේ සළුවේ වාටියට අත ගැසුවා ය. මන්ද, “උන්වහන්සේගේ සළුවටවත් අත ගැසුවොත් මා සුව වේ යැ” යි ඇය තමාට ම කියාගත් බැවිනි. යේසුස්වහන්සේ හැරී, ඇය දැක, “දිරිමත් වන්න දියණිය, ඔබේ ඇදහිල්ල ඔබ සුව කර ඇතැ” යි කී සේක. ඒ මොහොතේ පටන් ඒ ස්ත්‍රිය සුවය ලද්දා ය. යේසුස්වහන්සේ සිනගෝග පාලකයාගේ නිවසට පැමිණි කල, නළා වාදකයින් හා ඝෝෂාකාරී පිරිස දැක, ඔවුන් අමතා, “ඉවත් වන්න, දැරිය මැරී නැහැ; ඇය නිදන්නී යැ” යි කී සේක. එවිට ඔවුහු උන්වහන්සේට සිනාසුණහ. පිරිස පිටතට යවනු ලැබූ පසු, උන්වහන්සේ නිවස තුළට ගොස්, දැරියගේ අතින් ඇල්ලූ සේක. එවිට ඈ නැගිට්ටා ය. මෙපුවත පෙදෙස මුළුල්ලේ ම පැතිරිණි. යේසුස්වහන්සේ එතැන පසු කර යන කල, අන්ධයින් දෙදෙනෙක් උන්වහන්සේ පස්සේ යමින්, “අපට කරුණා කළ මැනව, දාවිත්ගේ පුත්‍රයාණෙනි” යි මොර ගසන්නට වන්හ. යේසුස්වහන්සේ නිවසට පිවිසි කල, අන්ධයෝ දෙදෙන උන්වහන්සේ වෙත ආහ. “මට මෙය කළ හැකි ය කියා ඔබ විශ්වාස කරනවා දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ කල, “එසේය ස්වාමිනි” යි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට ඔවුන්ගේ ඇස් ස්පර්ශ කළ උන්වහන්සේ, “ඔබගේ ඇදහිල්ල ලෙස ඔබට සිදු වේවා” යි පැවසූ සේක. එවිට ඔවුන්ගේ ඇස් පෑදිණි. යේසුස්වහන්සේ ඔවුන්ට තදින් අවවාද කරමින්, “කිසිවකුට මේ ගැන දැනගන්නට ඉඩ නො තබන්නැ” යි කී සේක. එහෙත් එතැනින් ඉවත් ව ගිය ඔවුහු මුළු පළාත පුරා උන්වහන්සේගේ කීර්තිය පතළ කළහ.
මතෙව් 9 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: මතෙව් 9:18-31
4 Days
We face spiritual battles daily, and the way to face them and fight them is on our knees in prayer! Let's look into various instances in Scripture where prayer was done to respond to challenges people were facing. When battles come, we strengthen ourselves through prayer, crying out to Him who provides relief, refuge, and victory.
5 Days
Hurry doesn’t just make you weary. It is the great enemy of your spiritual life. In The Ruthless Elimination of Hurry, John Mark Comer provides four down-to-earth practices for staying emotionally healthy and spiritually alive: 1) Silence and solitude, 2) Sabbath, 3) simplicity, and 4) slowing. It’s the unhurried Way of Jesus.
There are some names in the Bible that everyone knows: Adam and Eve, Noah, Moses, Mary, Peter, Paul. But the Bible is also full of stories with unnamed characters. People who made a difference not in the spotlight, but in the shadows. We often think they and we are insignificant if the spotlight is not on. But here's the good news: God chooses and uses shadow Christians.
Many people dream of a big sponsor to help them realise their dreams. The King of Kings is looking for potential leaders and calling people who follow Him. The call doesn’t consider age, race, or gender. Yet this call still eludes many today. For those who wholeheartedly and completely voluntarily answer this call, their lives will never be the same. We see shining examples from all walks of life.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ