මතෙව් 7:21-27

මතෙව් 7:21-27 SCV

“ස්වර්ගයේ සිටින මගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස, මට ‘ස්වාමිනි, ස්වාමිනි,’ යි කියන හැම කෙනෙක් ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු වන්නේ නැත. ඒ දවසේදී බොහෝ දෙනෙක් මා අමතමින්, ‘ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අපි දිවැසි වැකි නො කීවෙමු ද? ඔබගේ නාමයෙන් අපි යක්ෂාත්මයන් දුරු නො කළෙමු ද? ඔබගේ නාමයෙන් නොයෙකුත් ප්‍රබල ක්‍රියා නො කළෙමු දැ?’ යි කියනු ඇත. එවිට මම ඔවුන්ට ප්‍රකාශ කරන්නේ, ‘කිසි කල මා ඔබ දැන සිටියේ නැත. නොපනත්කම් කරන්නෙනි, මා වෙතින් ඉවත් වනු’ කියා ය. “එබැවින් මගේ මේ වචන අසා, ඒවා ක්‍රියාවට නගන හැම කෙනෙක් ම, පර්වතය පිට තම ගෙය තැනූ නැණවතකුට සමාන ය. වැසි වැස, ගං වතුර ගලා, සුළං හමා, ඒ ගෙට ගැසී ය; එහෙත් පර්වතය පිට එහි අත්තිවාරම් ලා තිබූ බැවින් එය බිඳ වැටුණේ නැත. එහෙත් මගේ මේ වචන අසා ඒවා නො පිළිපදින හැම කෙනෙක් ම, වැල්ල මත තම ගෙය තැනූ මෝඩ මිනිසකුට සමාන ය. වැසි වැස, ගං වතුර ගලා, සුළං හමා, ඒ ගෙට ගැසී ය. එය බිඳ වැටුණේ මහා වැටීමකිනි.”

මතෙව් 7:21-27 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය