මතෙව් 6:19-24
මතෙව් 6:19-24 SCV
“කාවුන් කෑමෙන් හා මල බැඳීමෙන් විනාශ වන, සොරු කඩා වැදී, සොරා ගන්නා පොළොවේ වස්තුව ඔබට ගොඩ ගසා ගැනීම නො කරන්න. කාවුන්ගෙන් හා මලකඩින් විනාශ වන්නේ නැති, සොරු කඩා වැදී සොරා ගන්නේ නැති සම්පත් ස්වර්ගයේ ඔබට රැස් කර ගන්න. මන්ද ඔබේ සම්පත් කොතැන ද, ඔබේ සිතත් එතැන ම ය. “සිරුරේ පහන ඇස ය. ඔබගේ ඇස නිරෝගී නම්, ඔබගේ මුළු සිරුරත් ආලෝකයෙන් පිරෙයි. එහෙත් ඔබගේ ඇස නරක නම් ඔබගේ මුළු සිරුර අඳුරින් පිරේ. එසේ ඔබ තුළ ඇති එළිය අඳුරු නම්, ඒ අඳුර කෙතරම් ගන අඳුරක් වේ ද! “හාම්පුතුන් දෙදෙනකුට මෙහෙ කිරීමට කිසිවකුට නුපුළුවන. ඔහු එක් කෙනකුට ද්වේෂ වී, අනෙකාට ප්‍රේම කරනු ඇත. නැතහොත් එක් කෙනකුට ලැදි වී අනෙකා හෙළා දකිනු ඇත. දෙවියන්වහන්සේටත්, මුදලටත් සේවය කිරීමට ඔබට නුපුළුවන.




