සබතට පසු සතියේ පළමු දින අලුයම මග්දලාහි මරියා හා අනෙක් මරියා සොහොන බලන්නට ගියහ. එවිට මෙන්න! බිහිසුණු භූමිකම්පාවක්. මන්ද ස්වාමින්වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත්, එම ගල ඉවතට පෙරළා ඒ මත හිඳ ගත්තේ ය. ඔහුගේ පෙනුම විදුලිය වැනි විය; ඔහුගේ ඇඳුම් හිම මෙන් සුදු ව තිබිණි. මුර සෙබළු ඔහුට බිය වී, වෙවුලා මළවුන් සේ වූහ. දේව දූතයා ස්ත්‍රීන් අමතමින්, “බය වන්න එපා. ඔබ සොයන්නේ කුරුසියේ ඇණ ගසන ලද යේසුස්වහන්සේ බැව් මම දනිමි. උන්වහන්සේ මෙහි නැත. උන්වහන්සේ කලින් කියා ඇති පරිදි උන්වහන්සේ නැගිටුණු සේක. එන්න; උන්වහන්සේ තැන්පත් කළ තැන බලා, හනික ගොස්, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට්ට වග උන්වහන්සේගේ ගෝලයින්ට කියන්න. ‘උන්වහන්සේ ඔබට කලින් ගලීලයට යන සේක. එහිදී ඔබ උන්වහන්සේ දකිනු ඇත.’ ඔන්න! මා ඔබට කිව්වා” යි කීවේ ය. ඔවුහු දෙදෙන එවිට බයින් හා ප්‍රීතියෙන් යුතු ව, යුහු යුහු ව සොහොන වෙතින් පිටත් ව, උන්වහන්සේගේ ගෝලයින්ට දන්වන පිණිස දුවන්නට වන්හ. එකල, හදිසියේ ම යේසුස්වහන්සේ ඔවුනට මුණ ගැසී, “සෙත් වේවා!” යි පැවසූ සේක. උන්වහන්සේ වෙත ආ ඔවුහු, උන්වහන්සේගේ පා වැලඳ, උන්වහන්සේට නමස්කාර කළහ.
මතෙව් 28 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: මතෙව් 28:1-9
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ