මතෙව් 25:41-43

මතෙව් 25:41-43 SCV

“ඉන්පසු උන්වහන්සේ තමන් වම් පස සිටින්නවුන් අමතමින්, ‘මා වෙතින් ඉවත් ව යනු, ශාප ලද්දෙනි, යක්ෂයාටත් උගේ දූතයින්ටත් පිළියෙල ව ඇති සදාතන ගින්නට යනු. මන්ද මා සාගිනි ව සිටියා; ඔබ මට ආහාර දුන්නේ නෑ. මා පිපාසිත ව සිටියා; ඔබ මට බොන්නට දුන්නේ නෑ. මා ආගන්තුක ව සිටියා; ඔබ මා පිළිගත්තේ නෑ. මා නිර්වස්ත්‍ර ව සිටියා; ඔබ මට ඇඳුම් ඇන්දුවේ නෑ. මා රෝගී ව සිටියා; සිරගත ව සිටියා; ඔබ මා බලන්නට ආවේ නෑ’ යි කියනු ඇත.