මතෙව් 25:30-37

මතෙව් 25:30-37 SCV

කිසි කමකට නැති මේ දාසයා පිටත අන්ධකාරයට හෙළනු; එතැන වැලපීමත්, දත්මිටි කෑමත් වන්නේ යැ’ යි කීවේ ය. “මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය තේජසින් යුතු ව, සියලු දේව දූතයින් ද සමඟ එන කල, උන්වහන්සේ ස්වකීය තේජාන්විත සිංහාසනයේ අසුන් ගන්නා සේක. එකල සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස් කරනු ලබති. එවිට එඬේරකු, එළුවන් වෙතින් බැටළුවන් වෙන් කරන්නා සේ, උන්වහන්සේ ජනයා, කෙනකුගෙන් කෙනකු වෙන් කරනු ඇත. උන්වහන්සේ බැටළුවන් තම දකුණු පසෙහි ද එළුවන් තම වම් පසෙහි ද තබන සේක. “එවිට රජ්ජුරුවෝ තමන් දකුණු පස සිටින්නන් අමතමින්, ‘එන්න, මගේ පියාණන්වහන්සේගෙන් ආශිර්වාද ලද්දනි, ලොව අත්තිවාරම් ලූ තැන් පටන් ඔබ සඳහා සූදානම් කරන ලද රාජ්‍යය උරුම කර ගන්න. මන්ද මා සාගිනි ව සිටියා; ඔබ මට ආහාර දුන්නා. මා පිපාසිත ව සිටියා; ඔබ මට බොන්නට දුන්නා. මා ආගන්තුක ව සිටියා; ඔබ නිවසට මා පිළිගත්තා. මා නිර්වස්ත්‍ර ව සිටියා; ඔබ මට ඇඳුම් ඇඳවූවා. මා රෝගී ව සිටියා; ඔබ මට සැලකුවා. මා සිරගත ව සිටියා. ඔබ මා බලන්නට ආවා’ යි කියනු ඇත. “එවිට ධර්මිෂ්ඨයෝ උන්වහන්සේට පිළිතුරු දෙමින්, ‘ස්වාමිනි, ඔබ සාගිනි ව සිටිනු දැක අප ඔබට ආහාර දුන්නේ කවරදා ද? ඔබ පිපාසිත ව සිටිනු දැක ඔබට බොන්නට දුන්නේ කවරදා ද?

මතෙව් 25:30-37 බයිබල් පදය සහිත රූපය

මතෙව් 25:30-37 - කිසි කමකට නැති මේ දාසයා පිටත අන්ධකාරයට හෙළනු; එතැන වැලපීමත්, දත්මිටි කෑමත් වන්නේ යැ’ යි කීවේ ය.

“මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය තේජසින් යුතු ව, සියලු දේව දූතයින් ද සමඟ එන කල, උන්වහන්සේ ස්වකීය තේජාන්විත සිංහාසනයේ අසුන් ගන්නා සේක. එකල සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස් කරනු ලබති. එවිට එඬේරකු, එළුවන් වෙතින් බැටළුවන් වෙන් කරන්නා සේ, උන්වහන්සේ ජනයා, කෙනකුගෙන් කෙනකු වෙන් කරනු ඇත. උන්වහන්සේ බැටළුවන් තම දකුණු පසෙහි ද එළුවන් තම වම් පසෙහි ද තබන සේක.
“එවිට රජ්ජුරුවෝ තමන් දකුණු පස සිටින්නන් අමතමින්, ‘එන්න, මගේ පියාණන්වහන්සේගෙන් ආශිර්වාද ලද්දනි, ලොව අත්තිවාරම් ලූ තැන් පටන් ඔබ සඳහා සූදානම් කරන ලද රාජ්‍යය උරුම කර ගන්න. මන්ද මා සාගිනි ව සිටියා; ඔබ මට ආහාර දුන්නා. මා පිපාසිත ව සිටියා; ඔබ මට බොන්නට දුන්නා. මා ආගන්තුක ව සිටියා; ඔබ නිවසට මා පිළිගත්තා. මා නිර්වස්ත්‍ර ව සිටියා; ඔබ මට ඇඳුම් ඇඳවූවා. මා රෝගී ව සිටියා; ඔබ මට සැලකුවා. මා සිරගත ව සිටියා. ඔබ මා බලන්නට ආවා’ යි කියනු ඇත.
“එවිට ධර්මිෂ්ඨයෝ උන්වහන්සේට පිළිතුරු දෙමින්, ‘ස්වාමිනි, ඔබ සාගිනි ව සිටිනු දැක අප ඔබට ආහාර දුන්නේ කවරදා ද? ඔබ පිපාසිත ව සිටිනු දැක ඔබට බොන්නට දුන්නේ කවරදා ද?