මතෙව් 24:30-31
මතෙව් 24:30-31 SCV
“එකල මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ සලකුණ අහසේ දක්නට ලැබෙනු ඇත. එවිට පොළොවෙහි සියලු ගෝත්‍ර හඬා වැලපෙනු ඇත. මනුෂ්‍ය පුත්‍රයාණන් බලයෙන් හා මහත් තේජසින් යුතු ව අහසේ වලාකුළු මතින් පැමිණෙනු ඔවුන් දකිනු ඇත. එවිට උන්වහන්සේ මහා හොරණෑ හඬක් සහිත ව, ස්වකීය දූතයින් පිටත් කර එවන සේක. ඔවුන් අහසේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා පොළොවේ සතර දිගින් ම උන්වහන්සේගේ තෝරා ගත්තවුන් රැස් කරනු ඇත.

