මතෙව් 24:15-20
මතෙව් 24:15-20 SCV
“එබැවින්, දානියෙල් දිවැසිවරයා මගින් පවසන ලද ‘බිහිසුණු පාළු ව ගෙනෙන පිළිකුල’ ශුද්ධස්ථානයේ සිටගෙන සිටිනු ඔබ දකින කල, (කියවන්නා එය තේරුම් ගනීවා). යුදයේ සිටින්නෝ කඳුවලට පලා යත්වා! තම ගෙයි පියස්සේ සිටින්නා ගෙතුළ ඇති යමක් ගන්නා පිණිස පහළ නො බසිත්වා! කෙතෙහි සිටින්නා, තම කබාය ගන්නට ආපසු නො ඒවා! ගැබිනියනටත්, කිරි දෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය. ඔබේ පලා යෑම ශීත කාලයේ හෝ සබතක හෝ නො වන ලෙස යාච්ඤා කරන්න.

