මතෙව් 22:1-6

මතෙව් 22:1-6 SCV

යේසුස්වහන්සේ යළිත් උපමාවලින් ඔවුනට කතා කරමින්, “ස්වර්ග රාජ්‍යය, තම පුත්‍රයා සඳහා මංගල භෝජනයක් පැවැත් වූ රජකුට සමාන කළ හැකි ය. මංගල සාදයට ඇරියුම් කර තිබූ අය කැඳවමින් ඔහු තම සේවකයින් පිටත් කර යැවී ය. එහෙත් ඔවුහු එන්නට නො කැමති වූහ. “එවිට ඔහු තවත් සේවකයින් යවමින්, ‘ඔවුන්ට මෙසේ කියා යැවී ය: ඔන්න, මගේ භෝජන සංග්‍රහය සූදානම්; මගේ ගවයින් හා තර කළ මගේ සතුන් මරා, සියල්ල සූදානම්; මංගල සාදයට එන්න.’ “එහෙත් ඔවුහු ඒ නො තකා, කෙනෙක් තම ගොවිපළටත්, කෙනෙක් තම ව්‍යාපාරයටත් ගිය අතර, සෙසු අය ඔහුගේ සේවකයින් අල්ලා, නිග්‍රහ කොට, ඔවුන් මරා දැමූහ.